ලංකා T10 සුපර් ලීගයේ Galle Marvels කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට

  • Home
  • /
  • Sports
  • /
  • ලංකා T10 සුපර් ලීගයේ Galle Marvels කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවලර්ස් (GALLE MARVELS) කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු මුදලට තරග පාවාදීම සදහා යෝජනා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු මුදලට තරග පාවාදීම සඳහා අදාළ සැකකාර පුද්ගලයා විසින් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර තිබේ. ඒ අනුව පෙරේදා (11) එම ඒකකයේ කණ්ඩායමක් පල්ලේකැලේ ප්‍රදේශයදී අදාළ සැකකාර ඉන්දීය ජාතිකයා සිය භාරයට ගෙන ප්‍රශ්න කර ඇත.අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025