ලොව ප්‍රථම දැව චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට

  • Home
  • /
  • News
  • /
  • ලොව ප්‍රථම දැව චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට

ජපානයේ නිෂ්පාදිත ලොව ප්‍රථම දැව චන්ද්‍රිකාව පසුගියදා අමෙරිකාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කර තිබේ.චන්ද්‍රයා සහ අඟහරු පිළිබඳ ගවේෂණ සඳහා දැව යොදාගැනීම පිළිබඳව සිදුකරන පූර්ව පර්යේෂණයක් ලෙස මෙම අභ්‍යාවකාශ ගමන හැඳින්විය හැකිය.ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සහ දැවමය නිෂ්පාදන සිදුකරන ජපාන සමාගමක් එක්ව මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබුණි.එය නම් කර ඇත්තේ, ලතින් භාෂාවෙන් දැව යන අර්ථය ලබාදෙන ‘ලිග්නෝසැට්’ නමිනි.ලිග්නෝසැට් චන්ද්‍රිකාව මාස 6ක කාලයක් පෘථිවි කක්ෂයේ රැඳී සිටීමට නියමිතය.සෑම මිනිත්තු 45කට වරක්ම අභ්‍යාවකාශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 100 සිට සියය දක්වා වෙනස්වීමට භාජනය වේ.එම කැපී පෙනෙන උෂ්ණත්ව වෙනසට දැව ප්‍රතිචාර දක්වන අයුරු චන්ද්‍රිකාවේ සවිකර ඇති ඉලෙක්ට්‍රොනික උපාංග මඟින් විමසා බැලීම එම කාලයේ දී සිදුකෙරෙණු ඇත.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025