ලෝක උරුමයක් වන රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල

  • Home
  • /
  • Blog
  • /
  • ලෝක උරුමයක් වන රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල

රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල 

1880 මෙල්බර්න් ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා මෙල්බර්න් හි කාල්ටන් උද්‍යානයේ රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල ඉදිකරන ලදී.19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ ජාත්‍යන්තර ප්‍රදර්ශන ව්‍යාපාරයේ දී ඉදිකරන ලද ගොඩනැඟිලිවලට ආවේණික වූ මහා ශාලාවක් ලෙස මෙය නිර්මාණය කර ඇති අතර, මෙම ගොඩනැගිල්ල එම යුගයේ සිටම තිබූ එවැනි ආකාරයේ පැරණිතම ගොඩනැගිල්ල වේ.බයිසැන්තියානු, රොමේනස්ක්, ලොම්බාර්ඩික් සහ ඉතාලි පුනරුද ශෛලීන් ඒකාබද්ධ කරමින් මෙය නිමවා ඇත.රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ලේ ගෝලාකාර නිර්මාණය සඳහා ෆ්ලෝරන්ස් හි බෘනෙලෙස්චිගේ ආසන දෙව්මැදුරේ බලපෑම එල්ල වී ඇත.මෙම ගොඩනැගිල්ල 1901 දී ඕස්ට්‍රේලියාවේ ප්‍රථම ෆෙඩරල් පාර්ලිමේන්තුව පැවති ස්ථානය විය. 2004 දී එය ලෝක උරුම ලැයිස්තුගත කිරීම සඳහා යොමු වූ ඕස්ට්‍රේලියාවේ පළමු ගොඩනැගිල්ල බවට පත් විය.වර්ථමානයේ දී ද මෙම මෙල්බර්න් සන්ධිස්ථානයේ වාර්ෂිකව වෙළඳ ප්‍රදර්ශන, මහජන ප්‍රදර්ශන සහ සංස්කෘතික උත්සව දුසිම් ගණනක් තවමත් පැවැත්වේ.ප්‍රදර්ශන සඳහා ගොඩනැගිල්ල භාවිතා නොකරන විට නරඹන්නන්ට මඟ පෙන්වන සංචාරයක් සඳහා යාමට හැකි වේ.නැරඹුම් වාරය ආරම්භ වන්නේ පස්වරු 2 ට මෙල්බර්න් කෞතුකාගාරයේ ආලින්දයෙනි.

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025