ලෝක වනජීවී දිනය අදයි.
ලෝක වනජීවී දිනය (World Wildlife Day) මාර්තු 03 දින එනම් අද දිනට යෙදී තිබේ.
ලෝකය පුරා ජිවත්වන වන සතුන් සහ ශාක පිළිබඳ සැමරීම සහ දැනුවත් කිරීම සඳහා මෙම දිනය වෙන් කරනු ලබන අතර පසුගිය දශකය තුළ ලෝකයේ වනජීවී සංඛ්‍යාව සහ තිරසාර බව සැලකිය යුතු ලෙසකින් අඩු වන්නට වුණු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන පරිදි “ලෝක වනජීවී දිනය වාර්ෂික සැමරුමක් වුවද, වනජීවී සංරක්ෂණය යනු සෑම දිනකම අවධානය සහ ක්‍රියාකාරිත්වය අවශ්‍ය වන ගැටළුවක් බවයි.
අද වන විට ලෝකය මිනිසාගේ වාස භූමිය කරගෙන ඇති පසුබිමක පෙර නොවූ විරූ පරිද්දෙන් වන විනාශය සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර ඒත් සමගම වන සතුන් දිනපතා මියයන ප්‍රමාණය ඉතාම ඉහළ මට්ටමක පවතිනු ලබනවා.
ලෝකයේ ජීවත් වන සෑම මානවයෙකුටම තමා ජීවත්වන පරිසරය පිළිබඳව වගකීමක් සහ යුතුකමක් තිබේ. ලෝකයේ තර්ජනයට ලක්වූ ජීවි විශේෂයන්ගේ අන්තර් ජාතික වෙළඳාම් පිළිබඳ සම්මුතිය වන CITES සම්මුතියට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් 2013 මාර්තු 03 දින බැංකොක් නුවරදී පැවති පාර්ශ්වකරුවන්ගේ 16 වන සම්මේලනයේදී මාර්තු 03 “ලෝක වනජීවී” දිනය ලෙස නම් කිරීමට යෝජනා කරන්නට වුණු අතර ඒ අනුව එම වසරේ දෙසැම්බර් මාසයේදී ජිනිවාහිදී පැවැති එක්සත් ජාතීන්ගේ 68 වන මහා සභාවේදී වනජීවීන් පිළිබඳව ලෝක අවධානය යොමුකිරීම සඳහා මාර්තු 03 ලෝක වනජීවී දිනය ලෙස නිත්‍ය වශයෙන් ප්‍රකාශයට පත් කරන්නට වුණා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික දින දර්ශනයේ 2014 වර්ෂයේ සිට මාර්තු 03 වනජීවි දිනය ලෙස සටහන්ව ඇති අතර එදින වනජීවීන් පිළිබඳව ලෝක අවධානය යොමුකරවන සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂිතම දිනය බවට පත්ව කරන්නට වුණා.
වනජීවීන්ගේ වටිනාකම සහ ඔවුන්ගෙන් මිනිසාගේ පැවැත්ම උදෙසා ලැබෙන්නාවූ පාරිසරික, ජීවවිද්‍යාත්මක, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආධ්‍යාත්මික, විනෝදාත්මක සහ සෞන්දර්යාත්මක දායකත්වයක් මෙහි වනජීවි දිනය ප්‍රකාශයට පත් කිරීමේදී විශේෂ අවධානයට යොමු වන්නට වුණා. එසේම දිනකට ලෝකයේ වනජීවීන් දස දහදස් සංඛ්‍යාවක් මිනිසාගේ අවශ්‍යතාවයන් සඳහා ජීවිතක්ෂයට පත්වන අතර වනජීවීන් මිනිසාගේ ආහාර, ඉඳුම් හිටුම් (නිවාස), ඇඳුම් පැලඳුම්, බෙහෙත් හේත්, රූපලාවණ්‍ය කටයුතු, විනෝදාත්මක කටයුතු සඳහා යොදාගනු ලැබේ. එසේම ජාත්‍යන්තර වශයෙන් වනජීවීන් සහ සත්ව කොටස් විශාල වශයෙන් වෙළඳාමට පවා ලක්වනු ලබනවා. මේ තත්ත්වය අවමකිරීම සඳහා ලෝක ජනතාව පෙළ ගැස්වීමද ලෝක වනජීවි දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු අතර තිබෙනවා.
මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, ආර්ථිකමය, විද්‍යාත්මක, අධ්‍යාපනිකමය, සංස්කෘතිකමය සහ සෞන්දර්යාත්මක වටිනාකම් අගැයීමට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේ දී මාර්තු 03 ලෝක වනජීවි දිනය ලෙස ඒ අනුව ප‍්‍රකාශයට පත් කරන්නට වුණා.
මෙවර වනජීවී දිනයේ තේමාව යටතේ පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා මෙන්ම ආහාර ඖෂධ සදහා බොහෝ දේ ලබාදෙන ශාක හා සත්ව විශේෂ රැකගැනීම ද විශේෂ අවශ්‍යතාවයක් ලෙස සඳහන් කර තිබෙනවා.