ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට

  • Home
  • /
  • News
  • /
  • ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ගණන් ඉහළට

රුසියාව සහ ඔපෙක් සාමාජික රටවල් සිය සැපයුම් සීමා කිරීම මෙයට බලපා ඇත. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 0.42කින් ඩොලර් 77.37 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල සියයට 0.57කින් ඩොලර් 74.67ක් දක්වා ද වැඩි වී තිබුණි. මාස දෙකකට පසුව පසුගිය දෙසැම්බර් මාසයේ දී ඔපෙක් රටවල් සිය නිෂ්පාදන ධාරිතාව අඩුකර තිබූ බව සඳහන්ය. මේ අතර දෙසැම්බර් මාසයේ දී රුසියාවේ දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 8.971 ලෙස දැක්වුණි. එය එරට දෛනික බොරතෙල් නිෂ්පාදන ධාරිතාව වන බැරල් මිලියන 9.5ට වඩා අඩු අගයකි. මේ අතර වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි 2024 වසරේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල සඳහන් වූයේ ඩොලර් 80ක් වශයෙනි. එය 2025 වසරේ දී ඩොලර් 76ක් දක්වා පහළ යා හැකි බව අනුමාන කෙරේ.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025