තමානිස් සහ ජුවානිස් මඟුල් ගෙදරකින් හොඳටම බීවෝය.ජුවානිස්ගේ මෝටර් රථයට ගොඩවුණු තමානිස් එහි පිටුපස අසුනේ නිදා ගත්තේය.ජුවානිස් රථය පදවාගෙන යන අතරතුර පොලිස් කොස්තාපල් වරයෙකු එය නතර කරන ලෙස අණ කළේය.
කොස්තාපල් – තමා හොඳටම බීල නේද?
ජුවානිස් – (පිටුපස අසුන දෙස බලා)මේ සර් මොනවද අහනව උඹෙන්.
තමානිස් – මොනවද?
ජුවානිස් – සර් අහනව උඹ බීලද කියල.
තමානිස් – ඔව් පොඩ්ඩක් බීල.
ජුවානිස් – සර් ඌ පොඩ්ඩක් බීලලු.
කොස්තාපල් – මාත් එක්ක සෙල්ලං කරනවද? තමා දන්නවද මත්පැන් පානය කර වාහනයක් පදවන එක නීති විරෝධී කියල.
ජුවානිස් – (පිටුපස අසුන දෙසට හැරී) සර් අහනව උඹෙන්, බීල වාහන එලවන එක වැරදි බව උඹ දන්නවද කියල.
තමානිස් – මොකද මං නොදන්නෙ? ඒකනෙ මං පස්සට ආවේ.
ජුවානිස් – ඌ දන්නවලු සර්. ඒකලු ඌ පස්සට ගියේ.
කොස්තාපල්- ඕයි! මං ඇහුවෙ තමුසෙගෙන්.
ජුවානිස් – මොකද්ද සර් ඇහුවෙ ?
කොස්තාපල් – තමා බීල නේද ඉන්නෙ කියල ඇහුවෙ.
ජුවානිස් – සර් ඌ කිව්වනේ ඌ බීල කියල. මේ තමානිස් උඹම කියපන් සර්ට.
තමානිස් – ඔව් මම බීල තමයි.මොකද ප්‍රශ්නේ.