වයස අවරුදු 40 වැඩි හැම ශ්‍රී ලාංකිකයෙකුටම වෛද්‍ය පරීක්ෂණයක් පවත්වයි.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුරවැසියෙකුට යම් රෝගයක් වැළදීමට පෙර එය වළක්වා ගැනීමත්, රෝගයක් වැළදී ඇත්නම් එහි සංකූළතා ඇති වීමට පෙර වළක්වා ගැනීම යන කාරණා පිළිබඳව අවදානය යොමු කරමින් මෙම ජංගම සායනය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම ජංගම සායනය සදහා පැමිණෙන සියලු රෝගීන් මූලික වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීම සිදු කරන අතරම ප්‍රතිකාර සේවාවන් ලබා දීමත්, මෙහි දී හඳුනා ගන්නා නිදන්ගත රෝගවලින් පෙළෙන රෝගීන් මෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් හඳුනාගෙන ඔවුන් රජයේ ප්‍රධාන රෝහල්වල ඊට අඳාළ වෛද්‍ය සායන වෙත යොමු කිරීමත් මෙම වැඩසහනේ ප්‍රධාන අරමුණක් බව ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය මගින් මෙම “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන සංවිධානය කරණු ලැබූ අතර මෙය ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගීමත් ව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් දිප ව්‍යාප්ත ව ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරන වැඩසටහනකි.
විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය ක්‍රියාත්මක කෙරේ.
මෙම සායනය තුළින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝ නොවන රෝග පිළිබඳ සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුළු වෛද්‍ය සේවාවන් රැසක් මෙන්ම ඖෂධ නිකුත් කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.