වසර දෙකකට පසු ශ්‍රී ලංකාවේ මාසික ඇඟලුම් අපනයන ආදායම ඉහළට

  • Home
  • /
  • News
  • /
  • වසර දෙකකට පසු ශ්‍රී ලංකාවේ මාසික ඇඟලුම් අපනයන ආදායම ඉහළට

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2024 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන 1,165.4 ක් වූ අතර එය 2023 අගෝස්තු මාසයට සාපේක්ෂව 4.18% ක වර්ධනයක් වාර්තා කර ඇත. 

මේ වර්ධනය සදහා ප්‍රධාන වශයෙන් හේතුවූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ සාන්ද්‍රිත අපනයනය ඉපැයීම් ඉහළ යාමයි.

වසර දෙකකට පසුව ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය 2024 අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගියේය.එමෙන්ම 2024 ජූලි මාසයට සාපේක්ෂව 2024 අගෝස්තු මාසයේ දී අපනයන කාර්ය සාධනය 3.1% කින් වැඩි වී ඇත.

2024 අගෝස්තු මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 318.77 ක් වූ අතර එය 2023 කාලපරිච්ඡේදයට වඩා 6.49% කින් වැඩි විය.එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 අගෝස්තු මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙඅංශයෙන්ම මුළු අපනයනය 2023 කාලපරිච්ඡේදයට වඩා 4.67%කින් ඉහළ ගිය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 1,483.13 ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ පිළිබදව සඳහන් වේ.

Don't forget to share this post!

Recent Posts

dream-about-scuba-diving.jpg
October 11, 2024