වසර 27කට පසුව ඉන්දීය කණ්ඩායමකට එරෙහිව ශ්රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලි ජයග්රහණයක්
වසර 27කට පසු ඉන්දියා කණ්ඩායමට එරෙහිව ශ්රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් විය.එක්දින තරගාවලියේ තීරණාත්මක තුන්වන එක්දින තරගයෙන් ලකුණු 110ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 248ක් ලබාගැනීමට සමත් විය.පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්රනාන්දු ලකුණු 96 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් හා පැතුම් නිස්සංක ලකුණු 45 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ප්රබල ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Riyan Parag කඩුලු 3 ක් හා Mohammed Siraj, Axar Patel, Washington Sundar යන ක්රීඩකයින් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් විය.
ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 138 ක් පමණයි.පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ විසින් කඩුලු 5 ක්, ජෙෆ්රි වෙන්ඩසේ, මහීෂ් තීක්ෂණ විසින් කඩුලු 2 බැඟින් ද අසිත ප්රනාන්දු විසින් එක් කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් විය.
තරගාවලියේ පළමු තරගයේ ලකුණු සම වූ අතර අනෙක් තරග දෙකම ශ්රී ලංකාව ජය ගැනීමත් සමඟ තරග 2 ට 0 ක් ලෙස එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
තරඟයේ වීරයා අවිශ්ක ප්රනාන්දු
තරඟාවලියේ වීරයා දුනිත් වෙල්ලාලගේ