රික්ටර් මාපක 4.1 ක භූමිකම්පාවෙන් වික්ටෝරියා ප්‍රාන්තය කම්පනයට පත් විය.පසු කම්පන තත්ත්වයක් ද ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි
බදාදා (අද) අලුයම 3.48ට පමණ රික්ටර් මාපක 4.1 ක භූමිකම්පාවක් වික්ටෝරියා හි වුඩ්ස් පොයින්ට් අසල පිහිටි කඳුකර ප්‍රදේශයට බලපෑවේය.මේ තත්ත්වය එහි ජීවත්වන දහස් ගණනක් පදිංචිකරුවන් මවිතයට පත් විය.1700 කට අධික පිරිසකට දැනුණු මේ භූ කම්පන තත්ත්වය Wangaratta, Benalla, South Morang, Healesville, Yarra Junction සහ Dargo ඇතුළු නගර කිහිපයකට බලපෑවේය.භූමි කම්පාවෙන් සුළු හානියක් සිදුවිය හැකි බැවින් හානියට පත් ගොඩනැගිලි, මාර්ග, පාලම් සහ කඩා වැටුණු ගස් හෝ විදුලි රැහැන්වලින් ආරක්ෂාවන ලෙස බලධාරීහු වික්ටෝරියානු වැසියන්ගෙන් ඉල්ලා සිටිති.භූ කම්පන විද්‍යාඥ ඇඩම් පැස්කල් සඳහන් කළේ මෙම භූමිකම්පාව 2021 සැප්තැම්බර් මාසයේ ඇති වූ රික්ටර් මාපකයේ 5.9 ක සැලකිය යුතු භූමිකම්පාවෙන් පසු සිදුවෙමින් පවතින පසු කම්පනවල කොටසක් බවයි. භූමිකම්පාව කිලෝමීටර් අටක් ගැඹුරින් සිදු වූ අතර මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව පසු කම්පන සඳහා ද සූදානම් විය යුතු බව බලධාරීන් පවසයි.
කියවන්න, බලන්න, විඳින්න