ලෝකයේ කාර්යබහුලම එකක් වන ලන්ඩනයේ Heathrow ගුවන් තොටුපළ, අසල ඇති වූ විශාල ගින්නක ප්‍රතිඵලයක් ලෙස “සැලකිය යුතු විදුලි බිඳවැටීමක්” හේතුවෙන් අද දවස පුරා සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කර තිබේ.
ගුවන් තොටුපළ ප්‍රකාශ කළේ “නැවත විවෘත කරන තුරු මගීන් කිසිදු තත්වයක් යටතේ ගුවන් තොටුපළට ගමන් නොකළ යුතු” බවයි. එමෙන්ම ඉදිරි දිනවලදී සැලකිය යුතු බාධා අපේක්ෂා කරන බවට ද එය අනතුරු ඇඟවීය.
“අපගේ මගීන්ගේ සහ සගයන්ගේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා, මාර්තු 21 වන දින 23h59 දක්වා හීත්‍රෝ වසා දමනු ලැබේ,” Heathrow ගුවන් තොටුපළ X හි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එනම්, සෙනසුරාදා පෙ.ව. 11 පමණය .
Heathrow වෙත සහ ඉන් පිටතට යන ගුවන් ගමන් දැන් හරවා යවනු ලැබේ හෝ අවලංගු කරනු ලැබේ.
ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවිය වන FlightRadar24 පැවසුවේ දැනට ගුවනේ ඇති ගුවන් ගමන් 120 ක් “විකල්ප ගුවන් තොටුපළවලට හරවා යවනු ඇත හෝ ඒවායේ මූලාරම්භයට ආපසු යනු ඇත” යනුවෙනි.