විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

  • Home
  • /
  • News
  • /
  • විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශවල උපදෙස් හා සම්බන්ධීකරණයෙන් පොලිසිය සහ බුද්ධි අංශ මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

 

ඉදිරි සංචාරක වාරය තුළ විදේශ සංචාකරයන් රැසක් මෙරට සංචාරය කිරීමට නියමිත බවට නිරීක්ෂණය වී තිබෙන අතර එය ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම විදේශකයින් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය සහ ගෞරවයට ද බෙහෙවින් බලපාන නිසා සංචාරක ආකර්ෂණය සහිත රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව හා සතුට , විනෝදය,නිදහස ලබා ගැනීමට පරිසරය සැකසීම සියලු දෙනාගේ වගකීමක් වේ.

 

ඒ අනුව මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ යුදමය වතාවරණය ද සැලකිල්ලට ගෙන විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

 

පොලිස් සංචාරක කොට්ඨාශය ශක්තිමත් කෙරෙන අතර සියලු පොලිස් ස්ථානවලට මේ පිළිබද විශේෂ උපදෙස් පොලිස්පතිවරයා විසින් ලබාදීමට නියමිතයි.

 

ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් 1997 දරණ පොලිස් කෙටි දුරකතන අංකයට දැනුම්දිය හැකි වේ.

 

සංචාරක හෝටල් හිමිකරුවන් හා කාර්ය මණ්ඩල මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සියලුදෙනා දැනටමත් සිදුකරන කාර්යභාරය පොලිසිය විසින් අගය කර ඇත.

 

ඉදිරියේ දී සංචාරකයන්ගේ ජිවිත හා දේපළ ආරක්ෂාව පිළිබද ඔවුන්ගේ සීමාව තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන්න පොලිසියේ අපේක්ෂාව වේ.

 

ඕනෑම අවස්ථාවක සිය බල ප්‍රදේශයේ පොලිස් ස්ථාන සම්බන්ධීකරණය කර ගැනීමෙන් ඒ සදහා කටයුතු කළ හැකියි.ඉදිරියේ ඒ පිළිබද අවශ්‍ය උපදෙස් පොලිස් ස්ථාන වෙත ද ලබාදීමට නියමිතයි.

 

එමෙන්ම බාහිර සොර සතුරන්ගෙන් මෙන්ම ඇතැම් සේවකයන්ගෙන් ද සංචාරකයන්ට සිදුවිය හැකි හිරිහැර පිළිබඳව සියලු පාර්ශව අවධානය යොමුකළ යුතු බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.

 

ඉදිරියේ දී නව වැඩපිළිවෙලක් සහිතව මේ පිළිබඳ ඉදිරියේ දී ක්‍රියාකරනු ඇති බවට පොලිසිය තවදුරටත් නිවේදනය කර ඇත.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025