ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුවෙයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුවෙයි.

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත කියුබානු රජයේ සුභපැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (15) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී තානාපතිවරයා මේ පිළිබදව සදහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති වසර 65කට ආසන්න දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කියුබානු ආධාර යටතේ ක්‍රියාත්මක කළ දැනට නතර වී ඇති මදුරු මර්දන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය හා ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳ ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුලු වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.

පසුගිය වසර කිහිපය තුළ කියුබාව මුහුණ දුන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද කියුබාව අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව කෘතඥතාවය පළ කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් කියුබානු අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා නිල ආරාධනයක් ද සිදු කළාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන මහත්වරුන් සහ කියුබානු රජය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025