ශ්‍රී ලංකාවේ වායු තත්ත්වය නැවතත් අයහපත් වෙයි

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ වායු තත්ත්වය නැවතත් අයහපත් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද (10) සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශයට අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා උතුරු පෙදෙසින් පැමිණෙන සුළං තත්ත්වය නිසා අද (10) දිනය තුළ වායුගුණ තත්ත්ව දර්ශකය 68 -118 ත් අතර අගයක දිනය පුරාම පැවතිය හැකි බවයි සඳහන් කරයි.

 

මේ තත්ත්වය මත ගාල්ල, රත්නපුර, බදුල්ල, අනුරාධපුර හා පොළොන්නරුව යන නගරවල වායුගුණ තත්ත්ව දර්ශකය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවට පවසයි.

 

අහිතකර වායු තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ජනතාව දැනුත් කිරීමක් සිදු කරයි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025