ශ්‍රී ලංකාව IEEE AI Challenge 2024 තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගනියි.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාව IEEE AI Challenge 2024 තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගනියි.

ජෙනරේටිව් ආටිෆිෂල් ඉන්ටලිජන් චැලේන්ජ් 2024 තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඊට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.තරගය සඳහා රටවල් 12ක් නියෝජනය කරමින් තරගකරුවන් 450 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.ශිෂ්‍ය කණ්ඩායම්, කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කළ කණ්ඩායම්, ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් යනාදී වශයෙන් කණ්ඩායම් රැසක් තරගයට එක්ව සිටියහ.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වර්ෂ විජේතුංග, සනිරු අකරවිට,  ශාක්‍යා අබේතුංග සහ තරුෂ්ක මධුසර තරගයට සහභාගී වූ අතර රැකියාවේ ඇති වන ආතතිය අවම කිරීම සඳහා එක් එක් පුද්ගලයාට අන්‍යන්‍ය වන ලෙස කෘතිම බුද්ධිය යොදා ගනිමින් සංගීත නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිදු කළ පර්යේෂණ නිබන්ධනයට පළමු ස්ථානය හිමි විය.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025