සටන් විරාමයෙන් පසු ගසා තීරයේ ළමුන් 322ක් මරුට

  • Home
  • /
  • News
  • /
  • සටන් විරාමයෙන් පසු ගසා තීරයේ ළමුන් 322ක් මරුට

සටන් විරාමයෙන් පසු, ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ළමුන් 322 දෙනෙකු මිය ගොස් ඇතැයි යුනිසේෆ් සංවිධානය පවසයි.

609 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම සංවිධානය සඳහන් කර ඇත.

ඉකුත් මාර්තු 18 වැනිදා ඊශ්‍රායලය නව යුද මෙහෙයුම් ආරම්භ කළේය. මාර්තු 31 දක්වා දින 10 ක් තුළ සෑම දිනකම ළමුන් 100 දෙනෙකු මිය ගොස් හෝ ආබාධිත තත්ත්වයට පත් වී ඇති බවද යුනිසෙෆ් සංවිධානය නිවේදන කරයි.

මියගිය ළමුන්ගෙන් බොහෝ පිරිසක් අවතැන්ව සිටි අය, තාවකාලික කූඩාරම්වල හෝ හානි වූ නිවාසවල සිටි අයයි.

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද එම සංඛ්‍යාලේඛන ව්‍යාජ ඒවා බව පවසන ඊශ්‍රායලය, එය ප්‍රතික්ෂේප කර සිටියි.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන, එම සංඛ්‍යාලේඛන විශ්වසනීය බව සදහන් කරයි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භ වී මාස 18කට වැඩි කාලයක් ගත වී තිබේ. එම කාලය තුළ ළමුන් 15,000 දෙනෙකු මිය ගොස් ඇති බවත්, 34,000 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, යුනිසෙෆ් වාර්තාවල සඳහන්වේ.

Don't forget to share this post!

Recent Posts

stack-chocolated-covered-with-chocolate-syrup
July 5, 2025