සහරා කාන්තාරයට අධික වර්ෂාවක්

  • Home
  • /
  • News
  • /
  • සහරා කාන්තාරයට අධික වර්ෂාවක්

සහරා කාන්තාරයේ එක් ප්‍රදේශයකට පසුගිය කාලයේ දී අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සහරා කාන්තාරයේ මොරොක්කෝවට අයත් ගිණිකොන දිග ප්‍රදේශයට මෙලෙස දුර්ලබ වර්ෂාපතනයක් ලැබී ඇති අතර එම ප්‍රදේශයට වර්ෂාපතනය ලැබීමත් සමග ජලයෙන් පිරුනු විල් හා පොකුණු සෑදී ඇති බව ද වාර්තා වේ.

රබාත් අගනුවරට ගිණිකොන දෙසින් කිලෝ මීටර 600ක් පමණ දුරින් පිහිටි ආකර්ෂණීය සංචාරක නගරයක් වන මර්සූගා පසුගිය කාලයේ දී අධික උෂ්ණත්වයෙන් දැඩි පීඩාවට පත්ව තිබුණි.

නමුත් මේ වන විට දැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගනිමින් ප්‍රදේශය අලංකාරවත් වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.අවට ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයින් විශාල ප්‍රමාණයක් ද එම ස්ථාන නැරඹීමට පැමිණෙන බවට ද වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025