සීගිරිය රාත්‍රියට විවෘත නොවේ. ශ්‍රී ලංකා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

  • Home
  • /
  • News
  • /
  • සීගිරිය රාත්‍රියට විවෘත නොවේ. ශ්‍රී ලංකා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

රාත්‍රී කාලයේ දී සිගිරිය සංචාරකයින්ට විවෘත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයක් ලැබී තිබෙන සිගිරිය රාත්‍රී කාලයේ දී සංචාරකයින් සඳහා විවෘත කර ඇති බව සඳහන් කරමින් ප්‍රවෘත්තියක් පැතිර ගියේය.ඒ අනුව මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ සිගිරිය රාත්‍රී කාලයේ දී සංචාරකයින් සඳහා විවෘතව තැබීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.එමෙන්ම සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සිගිරියේ ඡායාරූපයක් බව සඳහන් කර ඇති ඡායාරූපය සීගිරියට අදාළ ඡායාරූපයක් නොවන බව ද එම මාධ්‍ය නිවේදනය මගින් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙනවා.

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025