ආසියා පැසිෆික් කලාපයම හොල්ලමින් Microsoft Teams එකට මොකද උනේ?

සිකුරාදා උදෑසන කාලයේ ආසියා පැසිෆික් කලාපය පුරා Microsoft Teams මෘදුකාංගයේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක පුද්ගලයින් රැසක් සහ ආයතන විශාල අසීරුවකට මුහුණ දුන්නා.

 

විනාඩි කිහිපයක් ඇතුළත පැමිණිලි දහස් ගණනක්

ලොව පුරා අන්තර්ජාල සේවාවල දෝෂ පිළිබඳ වාර්තා කරන Downdetector වෙබ් අඩවියට අනුව, AEST වේලාවෙන් පෙ.ව. 10.30 ට පමණ මෙම බිඳවැටීම පිළිබඳ ප්‍රථමයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.

පෙ.ව. 11.09 වන විට ඒ සම්බන්ධයෙන් ලද පැමිණිලි සංඛ්‍යාව උපරිම මට්ටමකට පැමිණි අතර, එම කෙටි කාලය තුළ පමණක් පැමිණිලි 7,000 කට අධික ප්‍රමාණයක් සටහන් වී තිබුණා.

 

රැස්වීම් සහ ඇමතුම් සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙයි

මෙම තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් පරිශීලකයින්ට Microsoft Teams හරහා පැවැත්වෙන online meetings වලට සම්බන්ධ වීමට, නව ඇමතුම් ලබාගැනීමට හෝ පැමිණෙන ඇමතුම් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ පිළිබඳව Reddit සමාජ මාධ්‍ය ජාලයේ අදහස් දක්වමින් අසීරුවට පත් වූ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මෙසේ සටහන් කර තිබුණා.

“අපගේ පිරිසක් එකම රැස්වීමකට සම්බන්ධ වීමට උත්සාහ කළත්, ඇතැම් අයට සම්බන්ධ වීමට සිදු වූයේ කිසිවෙකුත් නැති හිස් ඇමතුමකටයි. තවත් පිරිසකට කිසිසේත්ම ඇමතුමට සම්බන්ධ වීමට පවා නොහැකි වුණා.”

 

Microsoft සමාගමේ ප්‍රතිචාරය

සිදුවූ තාක්ෂණික දෝෂය පිළිබඳව වහාම අවධානය යොමු කළ Microsoft සමාගම, සිය නිල X ගිණුම හරහා සටහනක් තබමින් කියා සිටියේ ආසියා පැසිෆික් කලාපයේ Teams හරහා meetings/calls සඳහා join වීමේදී සහ create කිරීමේදී මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.

කෙසේ වෙතත්, පස්වරු 1.12 වන විට මෙම තාක්ෂණික දෝෂය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට Microsoft තාක්ෂණික කණ්ඩායම සමත් වූ අතර, මේ වන විට සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා

Don't forget to share this post!

Recent Posts