ඔයාගේ වත්තේ පිටිපස්සේ පොඩි ඉඩක් අරන් ලස්සන වැඩ කාමරයක් නැත්නම් Backyard Studio එකක් හදන්න හිතාගෙන ඉන්නවාද? එහෙනම් ඔයාට වැදගත් වෙන ගොඩක් දේවල් අපි කලින් article එකකින් කිව්වා.. 👇
තමන්ගේම මිදුලෙන් ලාභයක් ගමුද? ඕස්ට්‍රේලියානුවන්ගේ රහස දැනගන්න දැන්ම කියවන්න!
ඒ වගේම පොරොන්දු වුණ විදිහටම අපි අද කියනවා මේ Backyard Studio වලින් ලබාගන්න පුළුවන් Tax Advantages ගැන.
මොකද මේ වගේ studio එකක් හැදුවොත් ඔයාට Tax Deductions ලබාගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා! ඔයා මේ හදන studio එක තනිකරම ඔයාගේ ව්‍යාපාරික වැඩකට විතරක් පාවිච්චි කරනවා නම්, ඒක හදන්න සහ නඩත්තු කරන්න යන වියදම්වලින් කොටසක් බදු සහන විදිහට අඩු කරගන්න පුළුවන්.
කාර්යබහුල පරිසරයෙන් මිදිලා වත්තේ නිදහසේ චිත්‍ර අඳින කලාකරුවෙක්ට, නිවසේ ඉඳන් වැඩ කරන Freelancer කෙනෙක්ට, එහෙමත් නැත්නම් ගෙදර ඉඳන් කේක් හදන හෝ Consulting සේවාවක් කරන කෙනෙක්ට මේක ඇත්තටම ලොකු වාසියක්. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම වචනය තමයි “Dedicated Space” හෙවත් වෙන් කරන ලද ඉඩක් කියන එක. ඒ කියන්නේ මේ studio එක ඔයාගේ ව්‍යාපාරික කටයුතු සඳහාම විතරක් වෙන් වුණු තැනක් වෙන්න ඕනේ.
බදු සහන ලැබෙන්න නම් තියෙන්න ඕන සුදුසුකම් මොනවාද?
බදු සහන ලැබෙන එක හොඳයි තමයි, හැබැයි ඒකට අදාළ බදු රෙගුලාසි හරියටම දැනගෙන ඉන්න එක වටිනවා. සාමාන්‍යයෙන් මේ වගේ studio එකකට සහන ලැබෙන්න නම් ප්‍රධාන කරුණු කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනේ;
නිරන්තරයෙන්ම පාවිච්චි කිරීම: studio එක ව්‍යාපාරික වැඩ සඳහා නිතරම භාවිත කරන තැනක් වෙන්න ඕනේ.
ව්‍යාපාරයටම පමණක් වෙන්වීම: ඒ ඉඩකඩ ව්‍යාපාරික කටයුතුවලට විතරක්ම වෙන් කරලා තිබීම අනිවාර්යයි. නිදාගන්න හෝ ගෙදර වෙනත් වැඩවලට ඒක පාවිච්චි කරන්න බෑ.
ප්‍රධාන සේවා ස්ථානය වීම: ඔයාගේ ප්‍රධානම රාජකාරි ස්ථානය මේ studio එක වෙන්න ඕනේ.
මේ වගේ වැඩක් පටන් ගන්න කලින් ඔයා Tax Advisor කෙනෙක් එක්ක කතා කරලා විස්තර අහගන්න එක තමයි නුවණට හුරු. ඒ වගේම ඔයා හදන්න යන ගොඩනැගිල්ල ලොකු එකක් නම්, ඒකට ප්‍රාදේශීය සභාවෙන් හෝ අදාළ බලධාරීන්ගෙන් අවසර ගන්න ඕනෙද කියලත් කලින්ම හොයලා බලන්න.
Tax වාසි උපරිමයෙන්ම ගන්නේ කොහොමද?
පොඩි ව්‍යාපාර කරන අයට මේ studio එක නිකන්ම වැඩ කරන තැනක් විතරක් නෙවෙයි, වියදම් අඩු කරගන්න පුළුවන් සුපිරි ක්‍රමයක්. ඔයා ඉන්න ප්‍රදේශය අනුව Utilities, Property Taxes, Depreciation (ගොඩනැගිල්ලේ හෝ එහි ඇති උපකරණවල වටිනාකම කාලයත් එක්ක අඩුවීමට අදාළ සහන) වියදම්වලින් කොටසක් බදු සහන විදිහට Claim කරන්න පුළුවන්.
බදු සහනය ගණනය කරන්නේ කොහොමද?මේක ගණනය කරන්නේ ඔයාගේ මුළු නිවසේ වර්ග ප්‍රමාණයෙන් මේ studio එක තියෙන වර්ග ප්‍රමාණය කොච්චරද කියන ප්‍රතිශතය අනුවයි.
ප්‍රතිශතය සරලවම කිව්වොත්, ඔයාගේ මුළු ගෙදර ඉඩෙන් 15%ක් යන්නේ මේ studio එකට නම්, ගෙදරට යන පොදු වියදම්වලින්, උදාහරණයක් විදිහට internet බිල, ලයිට් බිල වගේ දේවල්වලින්, 15%ක්ම ව්‍යාපාරික වියදම් විදිහට පෙන්වලා ඔයාට බදු සහන ලබාගන්න පුළුවන්.
ඉතින් ඔයත් ගෙදර ඉඳන් business එකක් කරන කෙනෙක් නම්, වත්තේ ලස්සන studio එකක් හදලා වැඩේ තවත් ක්‍රමවත් කරගන්න ගමන්ම මේ වගේ සුපිරි බදු වාසියකුත් අරගන්න පුළුවන්ද කියලා අදම හොයලා බලන්න!