ඕස්ට්‍රේලියාවේ ලොකුම විදුලි සමාගමක් $270,000ක් Refund කරයි! ඔබේ මුදල් ගන්න විදිහ මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බලශක්ති සැපයුම්කරුවෙකු වන Origin Energy සමාගම විසින් සිය පාරිභෝගිකයන් 4,500 කට ආසන්න පිරිසකගෙන් වැඩිපුර මුදල් අය කර ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් බලපෑමට ලක් වූ පාරිභෝගිකයන්ට සාමාන්‍යයෙන් $60 ක පමණ මුදලක් නැවත ලබා දීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා..

ඕස්ට්‍රේලියානු පාරිභෝගික හිමිකම් සුරැකීමේ ආයතනය (ACCC) පවසන පරිදි, Origin සමාගමේ “Ongoing Savers” නැමැති residential electricity plan එක තෝරාගත් පාරිභෝගිකයන්ගෙන්, ඔවුන්ගේ සාමාන්‍ය Basic energy plan එකට වඩා වැඩි මුදලක් අය කර තිබෙනවා. පාරිභෝගික සංවිධානයක් වන Choice ආයතනය වෙත ලැබුණු පැමිණිලිවලට අනුව ACCC විසින් සිදු කළ විමර්ශනයකින් පසුවයි මෙය අනාවරණය වී ඇත්තේ.

මේ අනුව Origin Energy සමාගම විසින් සමස්තයක් ලෙස $270,000 ක මුදලක් පාරිභෝගිකයන් වෙත නැවත ගෙවිය යුතුයි. බලපෑමට ලක් වූ පාරිභෝගිකයන්ට මෙම මුදල Refund එකක් ලෙස හෝ ඔවුන්ගේ ඉදිරි බිල්පත් සඳහා Credit එකක් ලෙස ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා..

 

සංකීර්ණ නම් දමා පාරිභෝගිකයන් නොමඟ යැවීම

ACCC හි කොමසාරිස් Anna Brakey ප්‍රකාශ කළේ, “Ongoing Savers” යන නමෙන් පාරිභෝගිකයාට ඉතිරියක් සිදුවන බව ඇඟවුවද, සැබවින්ම එහි එවැනි වාසියක් නොතිබූ බවයි.Energy plans ඉතා සංකීර්ණ බැවින් සාමාන්‍ය පාරිභෝගිකයෙකුට තමන්ට ලැබෙන ලාභය ගණනය කිරීම අපහසු බවත්, එබැවින් Retailersලා පාරිභෝගිකයන්ට පැහැදිලි සහ නිවැරදි තොරතුරු සැපයිය යුතු බවත් ඇය අවධාරණය කළා.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් Origin Energy සමාගම කියා සිටියේ, සිදු වූ වැරැද්ද පිළිබඳව තමන් අවංකවම කණගාටු වන බවයි. මෙම සැලසුම භාවිතා කළ පිරිසෙන් බලපෑමට ලක්ව ඇත්තේ 0.5% ක් වැනි සුළු පිරිසක් පමණක් බවත්, දැනටමත් එම වැරදි නිවැරදි කරමින් පාරිභෝගිකයන්ට සාමාන්‍යයෙන් $60 බැගින් වූ මුදල නැවත ගෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඔවුන් සඳහන් කළා.

 

“එකම ආයතනයකට පක්ෂපාතී වීමෙන් පාරිභෝගිකයාට වාසියක් නෑ”

මෙම සිදුවීමත් සමඟ ACCC ආයතනය පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇඟවීමක් සහ උපදෙසක් ලබා දී තිබෙනවා. එනම්, වසර ගණනාවක් එකම බලශක්ති සැපයුම්කරුවෙකු සමඟ රැඳී සිටීමෙන් පාරිභෝගිකයාට වඩා වාසි සැලසෙන්නේ අදාළ සමාගම්වලට පමණක් බවයි.

එබැවින්, දැනට තමන් ලබාගෙන ඇති සැලසුමට වඩා ලාභදායී වෙනත් සැලසුම් තිබේදැයි නිතර පරීක්ෂා කරන ලෙසත්, Government energy comparison sites භාවිත කර තමන්ට වඩාත්ම ගැලපෙන සහ ලාභදායී ගනුදෙනුව තෝරාගන්නා ලෙසත් කොමසාරිස් Anna Brakey පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

Don't forget to share this post!

Recent Posts