ඕස්ට්‍රේලියාවේ Business එකක් කරනවද? නඩු වැටෙන්න කලින් Legal Obligations ගැන දැනගන්න!

ඕනෑම Business එකක් සාර්ථකව සහ දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න නම් රටේ පවතින නීති රීතිවලට අනුකූලව වැඩ කිරීම ඉතාමත් වැදගත්. නීතිය මඟින් ව්‍යාපාර සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශවයටම සාධාරණත්වයක් ඉටු කරනවා. ඒ නිසා නීතිමය ක්‍රියාමාර්ගවලින් හෝ අනවශ්‍ය දඩ මුදල් (Penalties) ගෙවීම්වලින් බේරෙන්න නම්, ඔබේ ව්‍යාපාරයට බලපාන නීති මොනවාද කියා නිවැරදිව තේරුම් ගත යුතුයි. ඉතින් අද අපි කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට ගොඩක් වැදගත් වෙන්, business එකට අදාළ Legal Obligations ගැන. 

 

ඔබේ ව්‍යාපාරයේ නීතිමය වගකීම් (Legal Obligations) හඳුනාගන්න

ඔබේ ව්‍යාපාරය නීතිමය ගැටලුවලින් ආරක්ෂා කරගැනීමට නම්, ඔබ අනුගමනය කළ යුතු නීති මොනවාද සහ ඒවාට අනුකූලව කටයුතු කරන්නේ කෙසේද කියා දැන සිටීම අත්‍යවශ්‍යයි.

 

ඔබේ ව්‍යාපාරයට අදාළ වන නීති රීති තීරණය වෙන්නේ ප්‍රධාන කරුණු කිහිපයක් මතයි:

  • ව්‍යාපාරයේ ව්‍යුහය (Business structure) සහ එය අයත් වන ක්ෂේත්‍රය (Industry)
  • ව්‍යාපාරයෙන් සිදුකෙරෙන කාර්යයන් සහ සේවාවන්
  • ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය (How it operates)
  • ඔබට සේවක මණ්ඩලයක් (Staff) සිටීද යන්න

ඔබේ business එකට අදාළ නීතිමය වගකීම් පිළිබඳව නිසි අවබෝධයක් නැත්නම්, නීතිමය උපදේශකයෙකුගෙන් (Legal expert) හෝ Business adviser කෙනෙක්ගෙන් සහාය ලබාගැනීමට කිසිවිටකත් පසුබට වෙන්න එපා.

 

ඔයාගේ business එකේ Legal Obligations වලට අදාළව මේ Checklist එක දැන්ම පරීක්ෂා කරලා බලන්න

අදාළ නීති හඳුනාගන්න: ඔයාගේ ව්‍යාපාර ක්ෂේත්‍රයට සහ ස්වභාවයට බලපාන නීති මොනවාද කියා මුලින්ම සොයා බලන්න.

අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න: පවතින නීති රීතිවලට අනුකූල වීම සඳහා ඔබේ ව්‍යාපාරික කටයුතුවල වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය නම්, වහාම ඒවා ක්‍රියාත්මක කරන්න.

විශේෂඥ උපදෙස් ලබාගන්න: ඔබ අනුගමනය කළ යුතු නීතිමය පියවර පිළිබඳව යම් සැකයක් පවතී නම්, වහාම නීතිමය හෝ ව්‍යාපාරික විශේෂඥයෙකුගේ සහාය ලබාගන්න.

නීතිගරුකව ව්‍යාපාරයක් පවත්වාගෙන යාම මඟින් ව්‍යාපාරයේ විශ්වාසනීයත්වය මෙන්ම වටිනාකමද තවත් වැඩි කරගන්න පුළුවන්.

 

Don't forget to share this post!

Recent Posts