ඔයා ඕස්ට්‍රේලියාවේ හෝටල් සහ ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන අයෙක් නම්, ඒ සඳහා ආරම්භයක් ලබා ගැනීමට තිබෙන හොඳම මාවතක් තමයි Kitchenhand කියන්නේ. ඕනෑම ආපනශාලාවක හෝ cafe එකක පිටුපස සිටින ප්‍රධානතම ශක්තිය වෙන්නේ මොවුන්.
Kitchenhand කෙනෙකුගේ කාර්යභාරය මොකක්ද?
කුස්සියේ වැඩබලන ප්‍රධාන Chef වරුන්ට සහ සේවා මණ්ඩලයට අවශ්‍ය සහාය දැක්වීම වගේම, මුළුතැන්ගෙය සහ කෑම ගන්නා ස්ථාන ඉතා පිරිසිදුව තබා ගැනීම මොවුන්ගේ ප්‍රධාන වගකීම වෙනවා.
දිනපතා සිදුකිරීමට ඇති ප්‍රධාන කාර්යයන්
පිරිසිදු කිරීම: මුළුතැන්ගෙය, ආහාර සාදන ස්ථාන සහ Cutlery & Dishes සෝදා පිරිසිදු කර තබා ගැනීම.
ආහාර පිළියෙල කිරීම: එළවළු සහ පලතුරු සේදීම, සුද්ද කිරීම සහ කැපීම.
අමුද්‍රව්‍ය සූදානම් කිරීම: ආහාර පිසීමට අවශ්‍ය දේවල් කිරා මැන සූදානම් කිරීම, salads, savouries සහ sandwiches වැනි සරල කෑම වර්ග සෑදීම.
සේවා සහාය: පාරිභෝගිකයන්ට ලබා දෙන food and beverage trays සූදානම් කිරීම.
බඩු බාහිරාදිය කළමනාකරණය: පැමිණෙන බඩු බාහිරාදිය ගබඩා කිරීම සහ කුස්සියේ අවශ්‍යතාවලට අනුව, ඒවා එහා මෙහා කිරීම.
Kitchenhand රැකියාවේ වර්තමාන තත්ත්වය
රැකියා නියුක්තිය: 148,000 කට අධික පිරිසක් සේවය කරනවා
අනාගත ඉල්ලුම: මධ්‍යස්ථ (Moderate) මට්ටමක පවතියි.
Weekly earnings: $1,250 පමණ වෙනවා.
Full-time ප්‍රතිශතය: 20% / බොහෝ දෙනෙක් Part-time හෝ Casual ලෙස සේවය කරනවා.
කාන්තා නියෝජනය: 54.0%
Median age: අවුරුදු 23 යි.
Earnings and hours
Kitchenhand රැකියාවේ නිරත වන අයගෙන් වැඩි පිරිසක් (80% ක් පමණ) Part-time හෝ Casual පදනම මත වැඩ කරනවා.
Full-time සේවකයෙකු සාමාන්‍යයෙන් සතියකට පැය 42ක් පමණ සේවය කරනවා.
සතිපතා මධ්‍යන්‍ය ආදායම $1,250 ක් වන අතර, සති අන්තවල සහ රාත්‍රී කාලවල සේවය කිරීමේදී අමතර දීමනා හිමි වෙනවා.
මෙම රැකියාවට සුදුසු කාටද?
මෙම රැකියාව මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්, විශ්වාසවන්ත පුද්ගලයන්ට ඉතා සුදුසුයි.
ආහාර පිළියෙල කිරීම පිළිබඳ මූලික අවබෝධයක් තිබීම සහ සන්නිවේදනය සඳහා සරල ඉංග්‍රීසි දැනුමක් තිබීම වාසිදායක වෙනවා.
Kitchenhand කෙනෙකු වන්නේ කෙසේද? Career Pathway
මෙම රැකියාව සඳහා යොමුවීමට විශේෂ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ,. නමුත් ක්ෂේත්‍රයට පහසුවෙන් පිවිසෙන්න පහත පියවර අනුගමනය කරන්න පුළුවන්.
සුදුසුකම්: හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ මූලික පාඨමාලාවක් ( Certificate I in Hospitality ) කිරීමෙන් රැකියාවක් ලබා ගැනීමේ හැකියාව වැඩි කරගන්න පුළුවන්.
රැකියාවට අයදුම් කිරීම: Restaurant, Cafe හෝ Canteen වල Kitchenhand ඇබෑර්තු සඳහා කෙලින්ම අයදුම් කරන්න.
වෘත්තීය සංවිධාන: Restaurant & Catering Australia වැනි සංවිධානයක සාමාජිකත්වය ලබා ගැනීම ද ඔබගේ වෘත්තීය ගමනට අමතර පිටුවහලක් වෙන්න පුළුවන්.
ඔයා ඕස්ට්‍රේලියාවට අලුතින් පැමිණි ශිෂ්‍යයෙක් හෝ කෙටි කාලීන රැකියාවක් සොයන අයෙක් නම්, මේ අංශයේ රැකියා පිළිබඳ මූලික පළපුරුද්දක් ලබා ගැනීමටත්, හොඳ ආදායමක් ලබා ගැනීමටත් Kitchenhand රැකියාව හොඳ ආරම්භයක්.