දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා හදිස්සියේම පිටියට සමුදෙයි!

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් වූ තවත් අභිමානවත් යුගයක් නිමාවට පත් කරමින්, පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී ප්‍රමුඛ පෙළේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා..

සිය Facebook ගිණුම හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු අඟහරුවාදා (21) මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු ලෙස වසර ගණනාවක් තිස්සේ ලබාදුන් දායකත්වයෙන් අනතුරුව 31 හැවිරිදි වියේ පසුවන යුපුන් මෙසේ සමුගැනීමට තීරණය කර තිබෙනවා.. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ පවතින පහසුකම්  මදිකම සහ නිසි අංශ වලින් ලැබෙන සහයෝගය නොමැතිකම මේ තීරණයට හේතු වූ බවයි.

මීටර් 100 සහ මීටර් 200 යන ඉසව් නියෝජනය කළ යුපුන් අබේකෝන්, එම ඉසව් ද්විත්වයේම වත්මන් ජාතික වාර්තාවලට හිමිකම් කියනවා.

 

ජාත්‍යන්තරය දිනූ මලල ක්‍රීඩා ගමන

ලෝක මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම රඳවා තැබීමට යුපුන් සමත් වූ අතර, ඔහුගේ ක්‍රීඩා දිවියේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් ලෙස 2022 Birmingham පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වෙන් දිනාගත් ලෝකඩ පදක්කම හැඳින්විය හැකියි. එය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ඓතිහාසික ජයග්‍රහණයක්.

 

ඔහුගේ පදක්කම් එකතුවට ඇතුළත් අනෙකුත් ප්‍රධාන ජයග්‍රහණ අතර:

2019 Kathmandu දකුණු ආසියානු ක්‍රීඩා උළෙල: මීටර් 100×4 සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම.

2015 World Military Games: මීටර් 100×4 සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම.

මීට අමතරව, පිරිමි මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාවට හිමිකම් කීමටද යුපුන් අබේකෝන් සමත්ව ඇති අතර, එමගින් ආසියානු කලාපයේ ප්‍රමුඛතම කෙටි දුර ධාවකයෙකු ලෙස තමාගේ නාමය තහවුරු කිරීමට ඔහුට හැකි වී තිබෙනවා.

ලොව ප්‍රමුඛතම සහ Prestigious මලල ක්‍රීඩා තරගාවලියක් වන Diamond League තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා තරග කළ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසද යුපුන් අබේකෝන් වාර්තා අතරට එක්ව සිටිනවා.

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස මෙන්ම, ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ නාමය බැබළවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙස යුපුන් තැබූ අද්විතීය සටහන ඉදිරි පරම්පරාවලටද මහත් ආදර්ශයක් වනු ඇත.

 

Image credit: www.imago-images.com 

Don't forget to share this post!

Recent Posts