රොකට් එකක් උඩට යවලා ඒක ආපහු පෘථිවියට ගෙන්නගෙන, නැවත නැවත පාවිච්චි කරන, Reusable rockets කලාව ගැන කියද්දී අපිට මතක් වෙන්නේ Elon Musk ගේ SpaceX සමාගමනේ. මෙන්න දැන් ඒ ඇමෙරිකානු ආධිපත්‍යයට සැර reply එකක් දෙන්න චීනය සමත් වෙලා තියෙනවා. පසුගිය සිකුරාදා (ජූලි 10) චීනය තමන්ගේ ඉතිහාසයේ පළමු වතාවට ‘Orbital-class’, එනම් කක්ෂගත විය හැකි මට්ටමේ රොකට් booster එකක් සාර්ථකව ආපසු මුහුදේ ඇති platform එකකට ගොඩබස්වන්න සමත් වුණා.
මේ සුපිරි වැඩේ සිද්ධ වුණේ චීනයේ Hainan වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වුණු Long March 10B කියන රොකට් එකෙන්. රොකට් එක උඩට ගිහින් මිනිත්තු 6කට විතර පස්සේ, එහි ප්‍රධාන කොටස, එනම් Booster එක සිරස් අතටම පහළට ඇවිත් මුහුදේ තිබුණු විශේෂ platform එකක් මතට නිරුපද්‍රිතව ගොඩබැස්සා කියලා චීන මාධ්‍ය වාර්තා කරනවා. මේ news එක ආපු ගමන්ම චීනයේ අභ්‍යවකාශ සමාගම්වල කොටස් වෙළඳපොළ අගයන් පවා එකපාරටම ඉහළ ගියා!
හැබැයි වැඩේ SpaceX එකට වඩා වෙනස්. දැලකින් ඇල්ලීම!
බැලූ බැල්මට මේ Long March 10B රොකට් එක SpaceX සමාගමේ Falcon 9 රොකට් එකට ගොඩක් සමානයි. 16,000kg ක (ටොන් 16ක) බරක් උඩට ගෙනියන්න මේකට පුළුවන්. හැබැයි land කරන ක්‍රමය නම් සෑහෙන්න වෙනස්.
SpaceX රොකට් එක Landing legs දිග ඇරලා නැවක් උඩ කෙළින්ම හිටගන්නවානේ.
හැබැයි චීන රොකට් එකේ තියෙන්නේ විශේෂ Landing hooks ජාතියක්. රොකට් එක බිමට එද්දී මුහුදේ තියෙන platform එකේ සවි කරපු ලොකු Net එකක මේ hooks පැටලිලා තමයි රොකට් එක රැඳෙන්නේ!
ඇයි චීනය මේ තරම් ගේමක් දෙන්නේ?
රොකට් එකක තියෙන වටිනාම සහ මිල අධිකම කොටස තමයි මේ Booster එක කියන්නේ. ඉතින් හැම පාරම අලුතෙන් රොකට් හදන්නේ නැතුව, එකම රොකට් එක දස දහස් වතාවක් පාවිච්චි කරන්න පුළුවන් වුණොත් චීනයට තමන්ගේ චන්ද්‍රිකා උඩට යවන්න යන වියදම සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. චීනය මේ තාක්ෂණය දියුණු කරන්න අවුරුදු 10ක ඉඳන් ලොකු කට්ටක් කනවා. ගිය අවුරුද්දෙත් චීන පුද්ගලික සමාගම් දෙකක් මේ වැඩේ කරන්න ගිහින් අන්තිම මොහොතේ fail වුණා.
ඊළඟ plan එක මොකක්ද?
චීනයේ ලොකුම ඉලක්කය තමයි 2030 වෙද්දී මිනිස්සුන්ව හඳට යවන එක. අන්න ඒ හඳට යන ගමනට පාවිච්චි කරන්නේ මේ Long March 10 රොකට් family එකම තමයි. ඉතින් මේ ලැබුණු සාර්ථකත්වය චීනයේ සඳ සිහිනයට ලොකු රුකුලක්.
චීන බලධාරීන් කියන විදිහට මේ ආපසු ගෙන්න ගත්තු රොකට් booster එක නිකන් තියන්නේ නැහැ. මේ අවුරුද්ද (2026) ඉවර වෙන්න කලින් මේකෙන්ම තවත් Launch එකක් කරන්නයි ඔවුන්ගේ සූදානම!
Image credit: www.spacescout.info