ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රධාන පෙළේ සහ අත්‍යවශ්‍යම ක්ෂේත්‍ර කිහිපයකට රුසියානු හැකර්වරුන්ගෙන් බරපතළ සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තියෙනවා කියලා සයිබර් ආරක්ෂක අංශ අනතුරු අඟවනවා.
විශේෂයෙන්ම ආයතනවල තියෙන networking devices හරියාකාරව සකස් කරලා නැති එකෙන් ප්‍රයෝජන අරගෙන තමයි මේ හැකර්වරු system ඇතුළට රිංගන්න උත්සහ කරන්නේ.
Australian Signals Directorate (ASD) ඇතුළු ලෝකයේ රටවල් 12ක ආරක්ෂක බලධාරීන් එකතු වෙලා මේ ගැන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔවුන් පවසන විදිහට මේ පිටුපස ඉන්නේ රුසියානු Federal Security Service Centre 16 කියන හැකර් කණ්ඩායමයි.
වැඩියෙන්ම අවදානම තියෙන්නේ කාටද?
මේ රුසියානු හැකර්වරුන්ගේ ප්‍රධානම ඉලක්කය වෙලා තියෙන්නේ රටක පැවැත්මට අත්‍යවශ්‍යම වෙන මෙන්න මේ ක්ෂේත්‍ර කිහිපයයි:
- සන්නිවේදනය (Communications)
- ආරක්ෂක අංශ (Defence)
- සෞඛ්‍ය ක්ෂේත්‍රය (Health)
- මූල්‍ය ක්ෂේත්‍රය (Finance)
- බලශක්ති ක්ෂේත්‍රය (Energy)
- රාජ්‍ය සේවාවන් (Government Services)
මේ ප්‍රහාර පිටුපස ඉන්න හැකර් කණ්ඩායම් cyber ලෝකයේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ Beserk Bear, Energetic Bear, Crouching Yeti, Dragonfly, Ghost Blizzard සහ Static Tundra වගේ නම් වලින්.
හැකර්වරු system එකට රිංගන්නේ කොහොමද?
ASD එක කියන විදිහට මේ හැකර්වරු මුළු internet එක පුරාම search කරලා බලනවා දුර්වල ආරක්ෂාවක් තියෙන networks මොනවාද කියලා.
ඔවුන් ප්‍රධාන වශයෙන්ම බලන්නේ Simple Network Management Protocol (SNMP) භාවිත කරන, හැබැයි weak හෝ default passwords තියෙන උපාංග දිහයි.
ඒ වගේම ආරක්ෂාව අඩු settings සහ systems වල තියෙන known vulnerabilities හොයාගෙන ඒවා හරහා user credentials හොරකම් කරන්න ඔවුන් ක්‍රියා කරනවා.
මේ එකතු කරගන්න තොරතුරු පාවිච්චි කරලා පස්සේ කාලෙක මීට වඩා ලොකු cyber ප්‍රහාරයක් එල්ල කරන්න වුණත් ඔවුන්ට පුළුවන්.
මේකෙන් බේරෙන්න කරන්නේ කුමක්ද?
මේ අනතුරු ඇඟවීමත් එක්කම ASD එක හැම ආයතනයකටම කියන්නේ තමන්ගේ network system වල ආරක්ෂාව ගැන වහාම හොයලා බලන්න කියලයි. cyber ප්‍රහාරවලින් බේරෙන්න නම්:
කළ යුතු දේ:
Network උපාංගවල ආරක්ෂාව දැඩි කරන්න, අලුත්ම security updates වහාම install කරන්න සහ දුර්වල password වෙනුවට digital ආරක්ෂාව ශක්තිමත් කරන්න.
අන්තිම වශයෙන් ASD ප්‍රකාශකයෙක් කිව්වේ මේ උපදෙස් රුසියානු හැකර්වරුන්ගෙන් බේරෙන්න විතරක් නෙවෙයි, ලෝකයේ ඉන්න වෙනත් ඕනෑම cyber අපරාධකාරයෙකුගෙන් සිදුවන හානි වළක්වා ගන්නත් උදව් වෙනවා කියලයි.