ගෝලීය වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම daily flights සංඛ්‍යාව පසුගිය ජූලි 23 වැනි දින වාර්තා වුණා. ප්‍රධාන flight tracker platform එකක් වන Flightradar24 දත්ත වලට අනුව, පැය 24 ක කාලයක් තුළ වාණිජ ගුවන් ගමන් 153,359 ක් ක්‍රියාත්මක කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා..
මෙය මීට පෙර 2023 ජූලි මාසයේ වාර්තා වූ ගුවන් ගමන් 139,237 ක පෙර වාර්තාව අභිබවා යාමක්. උතුරු අර්ධගෝලයේ ගිම්හාන කාලයත් සමඟ ඇති වූ මෙම වාර්තාගත ගුවන් ගමන් සංඛ්‍යාව, මගී ඉල්ලුම පිළිබඳ වෙනත් දත්ත සමඟ පරස්පරතාවක් මතු කර තිබෙනවා.
වාර්තාගත ගුවන් ගමන් වැඩි වීමට හේතුව කුමක්ද?
ජූලි සහ අගෝස්තු සංචාරක කාලසීමාවක් වන අතර, ගුවන් සමාගම් විසින් උපරිම ධාරිතාවකින් ගුවන් යානා යෙදවීම මෙයට ප්‍රධාන හේතුවයි. විශේෂයෙන්ම සිකුරාදා දිනවල වාර්ෂිකව වැඩිම ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් සැලසුම් කර ඇති අතර, අඟහරුවාදා සහ බදාදා දිනවල සාමාන්‍යයෙන් ගුවන් ගමන් වාර සහ ගුවන්තොටුපළ තදබදය අවම වෙනවා.
ආර්ථික පීඩන පැවතුණද, සංචාරකයින් අත්දැකීම් ලැබීමට වැඩි නැඹුරුවක් දැක්වීම නිසා American Airlines වැනි ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් රැසක් තම ගිම්හාන කාලසටහන් පුළුල් කර තිබෙනවා.
ගුවන් ගමන් වැඩි වුණත්, ඉල්ලුම අඩු වී ඇත්තේ ඇයි?
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) පවසන පරිදි, 2026 මැයි මාසයේදී ගෝලීය මගී ඉල්ලුම 2.2% කින් පහළ ගොස් තිබෙනවා. අමෙරිකානු දේශීය වෙළඳපොළේ ඉල්ලුම 1.9% කින්ද, චීන දේශීය වෙළඳපොළ 6.2% කින්ද පහළ වැටී තිබෙනවා.
මෙම පහළ යෑමට ප්‍රධාන වශයෙන් මැදපෙරදිග ගැටලු බලපා ඇති අතර, එම කලාපයේ ගුවන් ගමන් 28.4% කින් පහත වැටී තිබෙනවා. කෙසේ වෙතත්, මැදපෙරදිග හැර අනෙකුත් ප්‍රදේශවල ගෝලීය මගී ඉල්ලුම 0.7% කින් ඉහළ ගොස් තිබෙනවා..
ඉල්ලුමේ යම් මන්දගාමීත්වයක් පැවතුණත්, ගුවන් සමාගම් තම ගුවන් ගමන් කාලසටහන් කරගනිමින් සහ මිල ගණන් වෙනස් කරමින් ගුවන් ගමන් වාර සංඛ්‍යාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට සමත් වී තිබෙනවා.
සංචාරකයින්ට මෙයින් අත්වන බලපෑම කුමක්ද?
මෙම වාර්තාගත ගුවන් ගමන් තදබදය හේතුවෙන් airport gates, air traffic control සහ ground services දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා. මේ නිසා ගමන් ප්‍රමාද වීම්, පිරී ඉතිරී ගිය පර්යන්ත සහ Turnaround time එක වැඩි වීමේ අවදානමක් පවතිනවා..
Northern Hemisphere එකට summer එක එළඹීමත් සමඟ ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක් UK, US, ජපානය සහ යුරෝපය වැනි ජනප්‍රිය ගමනාන්ත වෙත සංචාරය කිරීමත් මෙම තදබදයට හේතු වෙලා තියෙනවා. එම නිසා මේ දිනවල ගුවන්තොටුපළවලදී යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු විය හැකියි.
Image credit: www.flightradar24.com