ලෝකයේ බලවත්ම Passport ලැයිස්තුව එළියට! ලංකාව උඩට යද්දී ඕස්ට්‍රේලියාවට මොකද වුණේ?

2026 වසර සඳහා වන නවතම ‘Henley Passport Index’ එක අනුව ශ්‍රී ලංකා විදේශගමන් බලපත්‍රය සිය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල පැහැදිලි වර්ධනයක් සටහන් කරමින් 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.. මෙය මෑත කාලයේ ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම ලෙස සටහන් වෙනවා.. පසුගිය 2024 සහ 2025 වසර වලදී 96 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, මෙවර ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. 

දර්ශකයේ ඉතිහාසය දෙස බැලීමේදී, 2021 වසරේදී 107 වන ස්ථානය දක්වා පසුබැස තිබූ ශ්‍රී ලංකා Passport එක, 2022දී 102 වන ස්ථානයටත්, 2023දී 100 වන ස්ථානයටත් ලෙස අඛණ්ඩව සුබවාදී වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

කලින් visa ලබාගැනීමකින් තොරව ගමන් කළ හැකි ගමනාන්ත සංඛ්‍යාව පදනම් කරගනිමින් ලොව පුරා රටවල විදේශගමන් බලපත්‍රවල ප්‍රබලතාව මැනබැලීම මෙම දර්ශකය මගින් සිදු කෙරෙනවා.. ශ්‍රී ලංකා passport එකට visa free destinations 39ක් තිබෙනවා. visa free destinations 183ක් සහිත ඕස්ට්‍රේලියානු passport එක මෙම දර්ශකයේ 7 වන ස්ථානයේ රැඳී සිටිනවා. එය පසුගිය වසරේ visa free destinations 189ක් සමඟින් 6වන ස්ථානයේ රැඳී සිටියා.

මෙවර දර්ශකය සඳහා රටවල් 199ක passports සහ ගෝලීය ගමනාන්ත 227ක් ආවරණය වන පරිදි දත්ත විශ්ලේෂණය කර තිබෙනවා.  

 

ලොව බලවත්ම සහ පහළින්ම ඇති passports 

මෙවර දර්ශකයට අනුවද ලොව බලවත්ම විදේශගමන් බලපත්‍රය හිමි රට ලෙස සිය ප්‍රමුඛස්ථානය රඳවා ගැනීමට සිංගප්පූරුව සමත්ව තිබෙනවා.. ඒ වගේම, මෙම ලැයිස්තුවේ පහළින්ම, එනම් 104 වන ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්ථානයයි.  ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) නිල දත්ත ඇසුරින් සකස් කෙරෙන Henley Passport Index එක, ලෝකයේ රටවල ජාත්‍යන්තර ගමන් බිමන්වල පහසුව සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ශක්තිමත්භාවය මැනබලන ප්‍රධානතම සාධකයක් ලෙස සැලකෙනවා.

සම්පූර්ණ වාර්තාව ඔබට henleyglobal.com වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන් 👇

https://www.henleyglobal.com/passport-index/ranking 

Don't forget to share this post!

Recent Posts