2014ට පසුව එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • 2014ට පසුව එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කරයි.

සත්කාරක එංගලන්ත පිල පරදා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබා ගනී.

ඊයේ (09) දින ඕවල් ක්‍රීඩාංගණයේ පැවති එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේ දී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය කරා ළගා විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබාගත් අතර සිය 11වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් විසින් ඊයේ (09) දින ඔහුගේ දෙවන ටෙස්ට් ශතකය වාර්තා කළේය. පැතුම් නිස්සංකට අනගි සහායක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32යි.

ඔවුන් දෙදෙනා එකතු වී තුන්වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු ගණන 111කි. මෙය 2014 වසරට පසුව ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වෙයි.

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ගේ ආරාධනයෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 325 ක් රැස්කළේය.ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 263ක් රැස්කළේය.නමුත් එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් එංගලන්තයේ දී ලැබූ සිව්වන ටෙස්ට් තරග ජයග්‍රහණයයි. ඒ අනුව ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල 5 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

dream-about-scuba-diving.jpg
October 11, 2024