යුරෝපීය දේශගුණ සේවය සඳහන් කරන ආකාරයට 2024 වසර යනු තියුණු තාප තරංග හා මාරාන්තික කුණාටුවලින් පිරුණු වසරක් වේ.වසර පුරා ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5ට වඩා අඩු අගයක පැවතිය යුතු වන අතර එය එසේ සිදු නොවූ පළමු වර්ෂය 2024 බවට වාර්තා වේ.මෙම ඉහළ උෂ්ණත්වයන් ඇති වීමට ප්‍රබලතම හේතුවක් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් වේ. එමෙන්ම එල් නිනෝ කාලගුණ රටා වැනි ස්වභාවික සාධකවලින් ද මේ සදහා සුළු දායකත්වයක් ලැබේ.විද්‍යාඥයින් පවසන්නේ මෙය ලබන සතියේ අසර්බයිජානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ කාලගුණ සමුළුවට හෙවත් කොප් 29 සමුළුවට අනතුරු ඇඟවීමක් වනු ඇති බවයි.