සුරතලත් එක්ක Camping කරන්න Victoria වල සුන්දරම Places 5

  • Home
  • /
  • Blog
  • /
  • සුරතලත් එක්ක Camping කරන්න Victoria වල සුන්දරම Places 5

Camp Kooyoora Campground

Kooyoora කඳු පන්තිය පේන මානයේ ඇති මෙම Camp එක Melville ගුහාවල සිට මිනිත්තු 15ක පමණ දුරකින් පිහිටා ඇත. මෙය අක්කර 80ක පමණ භූමි භාගයක පැතිර ඇති අතර විශාල ගිනි මැළයක් සහිත එළිමහන් කුස්සියකින්ද සමන්විත වේ. ඔබේ සුරතලුන් සමඟම පැමිණ Loddon ගංගාව දිගේ අවට සිරි නැරඹීමට ඔබට කිසිදු බාධාවක් නොමැත. අන්තර්ජාලය ඔස්සේ වෙන්කරවාගැනීම් කරගැනීමට හැකි අතර අශ්වයන් පිට යාම සඳහා ද ඔබට අවකාශය ඇත.

Blue Pool Briagolong

ප්‍රදේශවාසීන් අතර පිහිනීම සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවද Blue Pool යනු පිටස්තර පුද්ගලය්න්ගෙන් සැඟවී පැවතුණ ස්ථානයක්. නොගැඹුරු ලෙස ආරම්භ වන මෙම තටාකය විශාල ජල වළකින් සමන්විත වන අතර සුන්දර බෑවුම් සහිත කඳු වලින් වට වී ඇත. ඇවිදීමට ප්‍රිය කරන්නෙක් නම් Peregrine Lookout Trail එක හරහා ගමන නිමා කර පැයක පමණ කාලයකින් ආපසු පැමිණීමටද හැකිය. ඔබ​ට සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ, මෙම ප්‍රදේශය තුළ කූඩු සාදනු ලබන Peregrine  උකුස්සන් පවා දැකීමට හැකි වනු ඇත. මෙයට සුන්ඛයන් රැගෙන ඒම සඳහා කිසිදු බාධාවක් නොමැති බැවින්ම තෙතබරිත වූ සුරතලුන්ගෙන් පිරි වායුගෝලයකයට ඔබ පෙර සූදානම් වී සිටිය යුතුය. 

Skenes Creek Foreshore Caravan Park

Skenes Creek Foreshore Caravan Park පිහිටා ඇත්තේ Apollo Bay සිට ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ Great Ocean Road ඔස්සේ කිලෝමීටර් හයක් පමණ දුරින් පිහිටි අලංකාර නගරයක ය. ඔබේ සුරත​ල් මිතුරා සම​ඟ මුළු පවුලටම ගැලපෙන caravan එකක් ඔබ සතුව තිබේ නම්, මෙම වික්ටෝරියානු සුනඛ-හිතකාමී කඳවුරු භූමිය ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූව​ක්. එසේත් නැතිනම්, ඔබේ බඩු බාහිරාදිය සාගර මාර්ගය ඔස්සේ ඇදගෙන යාමට ඔබට අවශ්‍ය නම් caravan එකක් තවකාලිකව කුලියට ගත හැකිය.

Lake Elizabeth Campgrounds

Lake Elizabeth Campgrounds යනු Barwon ගඟ අසල දේශීය යුකැලිප්ටස් ගස් යට කූඩාරම් තැනීමට ඔබව දිරිමත් කරන තවත් විශ්මයජනක වික්ටෝරියානු උද්‍යානයකි. ඔබේ පුංචි බලු පැටියාට එලිසබෙත් විලෙහි අසිරිය විඳිමින් කිලෝමීටරයක පමණ දුරක් වේගයෙන් දිව යාමට මෙහි අවකාශය ඇත.එසේම ඔරු පැදීම, බයිසිකල් පැදීම සහ four-wheels පැදවීම ඇතුළුව ස්වභාවධර්මය ගවේෂණය කිරීමට මෙහි ඇති ක්‍රමවල කිසිදු අඩුවක් නොමැති මෙය වික්ටෝරියා හි හොඳම සුනඛ හිතකාමී කඳවුරු පිටියක් ලෙස හැඳින්විය හැකිය.

Paradise Beach Campground

වික්ටෝරියා හි හොඳම සුනඛ හිතකාමී කඳවුරු වලින් එකක් ලෙස සැලකෙන Paradise Beach, Gippsland Lakes වෙරළ උද්‍යානයේ බටහිර පැත්තට වන්නට පිහිටා ඇත. වෙරළබඩ ඉවුර අතර පිහිටා ඇති සාගරය සහ රීව්ස් විල අතර පිහිටා ඇති හුදකලා පාරාදීසයක රළ පදින්න, සාගරයේ දිය නෑමට, හෝ සර්ෆ් මසුන් ඇල්ලීමට ඔබට හැකියාව ඇත. ඔබ සැමන් මත්ස්‍යයා හෝ ස්නැපර් අල්ලා ගැනීමෙන් නැවත කඳවුරට පැමිණ විනෝද වන්න, නැතහොත් විශාල රොටුන්ඩා නවාතැනක විනෝද චාරිකාවක් සඳහා මිතුරන් සහ පවුලේ අය සමඟ එකතු වන්න. කඳවුරු බිම් 12කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙම වෙරළබඩ උද්‍යානයට පැමිණ  rotunda නවාතැනක ගිමන් හැරීමට ඔබේ සුරතලාටත් කිසිදු බාධාවක් නැහැ. 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024