පසුගිය වසරේ විශාල හදිසි ඇමතුම් සංඛ්‍යාවක් ලැබීම නිසා Victoria Ambulance, උණුසුම් වාහන වල සිරවීමේ මාරාන්තික summer trend එකක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
Ambulance Victoria විසින් නිකුත් කරන ලද නව සංඛ්‍යාලේඛනවලින් හෙළි වූයේ පසුගිය වසර තුළ ප්‍රාන්තය පුරා hot car ඇමතුම් 14% කින් අඩු වී ඇති බවයි.
පසුගිය මාස 12 තුළ වාහනවල සිරවී සිටින පුද්ගලයින් පිළිබඳ වාර්තා 1048 කට සම්බන්ධව පරිපූරක වෛද්‍යවරුන් කැඳවනු ලැබූ අතර, එය පෙර වසරේ 1211 ක් වුණා.
මෙය වඩාත් සුලභ තදාසන්න ප්‍රදේශ වූයේ Narre Warren, Craigieburn, Epping, Berwick, Tarneit, Shepparton, Mildura, Cranbourne, Point Cook සහ Frankston.
ඇමතුම් වලින් 33% ක් පමණ ගිම්හාන මාසවල සිදු වූ සිදුවීම් වන අතර බොහෝ අවස්ථා අවුරුදු 1-3 අතර දරුවෙකු සම්බන්ධවයි.
නවතා ඇති මෝටර් රථ මිනිත්තු කිහිපයක් ඇතුළත දිවා කාලයේ උෂ්ණත්වයට වඩා අංශක 30 ක් දක්වා උණුසුම් විය හැකි අතර, එමඟින් ළමයින්ට සහ වැඩිහිටියන්ට තාප කැක්කුම (heat cramps), තාප වෙහෙස (heat exhaustion) හෝ තාප ආඝාතය (heat stroke) ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
Ambulance Victoria State Manager Matt Coomber පැවසුවේ මෙම සංඛ්‍යාවේ අඩුවීම දිරිගන්වන සුළු වුවත්, තවමත් එය ඉහළ අගයක පවතින බවයි. ගිම්හාන මාසවලදී උෂ්ණත්වය ඉහළ යන විට මෙම අනතුර ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.
“නවතා ඇති වාහනයක් මිනිත්තු කිහිපයකින් මාරාන්තික විය හැකියි. ළමයින් හෝ වැඩිහිටියන් මෝටර් රථවල මොහොතකටවත් තබන්න එපා. මෝටර් රථයක් තුළ උෂ්ණත්වය මිනිත්තු කිහිපයකින් දෙගුණ විය හැකියි. එම වේගවත් වැඩිවීම, උපකාර පැමිණීමට කලින්ම බරපතල අබාධ හෝ මරණයට හේතු විය හැකියි.
ළමයින් විශේෂයෙන් අවදානමට ලක් වන්නේ ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය වැඩිහිටියෙකුට වඩා 3 ගුණයකින් හෝ 5 ගුණයකින් වේගයෙන් ඉහළ යන නිසා”
අවධානය වෙනතකට යොමු වීම හෝ හදිසි අතපසුවීම් නිසා දරුවෙකු නොදැනුවත්වම වාහනයක සිර වීම සම්බන්ධව එදිනෙදා ජීවිතයේදී බොහෝ සිදුවීම් වාර්තා වන බව Coomber මහතා පැවසුවා.
“අනතුරු සිදුවන බව අපි දන්නවා. යතුරු ගැටෙන අතර, දොරවල් අනපේක්ෂිත ලෙස වැසීමට හෝ දරුවන් අගුල් සමඟ සෙල්ලම් කළ හැකියි. ඔබ මෝටර් රථයෙන් පිටවන විට සෑම විටම දරුවන් ඔබ සමඟ රැගෙන යන්න. යතුරු ඔබ ළඟ තබා ගන්න සහ පවුලේ සාමාජිකයන් නගවා ගන්න විට හෝ බසවන විට කල්පනාවෙන් සිටින්න. ළමයෙකු හෝ වෙනත් අයෙකු සිරවී ඇත්නම්, වහාම ‘000’ අමතන්න. තත්පරයත් ඉතා වැදගත්”
Kidsafe Victoria chief executive Sarah Sexton පැවසුවේ වාහනයක් තුළ තත්වයන් කෙතරම් ඉක්මනින් නරක අතට හරිය හැකිද යන්න පිළිබඳව මිනිසුන් බොහෝ විට අවතක්සේරු කළ බවයි.
“නවතා ඇති මෝටර් රථයක් තුළ උෂ්ණත්වය පිටතට වඩා අංශක 20-30 කින් උණුසුම් විය හැකියි. එනම් අඩුම 20 ගණන්වල දිනක පවා, වාහනයක් මිනිත්තු කිහිපයක් ඇතුළත භයානක ලෙස උණුසුම් විය හැකියි.” ඇය පැවසුවා.
“ජනේලයක් විවෘතව තැබීමෙන් නවතා ඇති මෝටර් රථයක් තුළ උෂ්ණත්වයට ඇත්තේ කුඩා බලපෑමක්. සෑම විටම ඔබේ දරුවන් ඔබ සමඟ රැගෙන යාම වැදගත්. ඒ වගේම කිසි විටෙකත් ඔබේ දරුවාට සෙල්ලම් කිරීමට යතුරු ලබා දෙන්න එපා.”