සෞදියේ වැඩිම ලේ වැගිරූ වසර ලෙස 2025 ඉතිහාසයට

  • Home
  • /
  • News
  • /
  • සෞදියේ වැඩිම ලේ වැගිරූ වසර ලෙස 2025 ඉතිහාසයට

සෞදි අරාබිය වාර්ෂිකව සිදු කරන ලද මරණ දඬුවම් සංඛ්‍යාවේ වාර්තාව අඛණ්ඩව දෙවන වසරටත් ඉහළ ගොස් තිබෙනවා.

සෞදි අරාබියේ මරණ දඬුවම් නිරීක්ෂණය කරන සහ මරණ දඬුවම නියම වූ සේවාදායකයින් සිටින එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රචාරක කණ්ඩායමක් වන Reprieveට අනුව, මෙම වසරේ අවම වශයෙන් පුද්ගලයින් 347 දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති අතර, 2024 දී එම සංඛ්‍යාව 345 ක්.

එය පැවසුවේ මෙය නිරීක්ෂණ ආරම්භ වූ දා සිට එම රාජධානියේ ලේ වැගිරූ මරණ දඬුවම් ක්‍රියාත්මක කළ වසර (bloodiest year) මෙය බවයි.

මරණ දඬුවම නියම කරන ලද නවතම සිරකරුවන් අතර මාධ්‍යවේදියෙකු සහ විරෝධතා සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන්, වරදකරුවන් බව කියන අවස්ථාවේ ළමුන්ව සිටි තරුණයින් දෙදෙනෙකු ද ඇතුළත් වෙනවා. ඒ වගේම ඒ අතරින් 5 දෙනෙක් කාන්තාවන්.

නමුත්, Reprieve ට අනුව, බොහෝ දෙනෙක්, එනම් 2/3 පමණ මාරාන්තික නොවන මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ අයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ එය ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට නොගැලපෙන බවයි.

ඒ වගේම මරණයට පත් වූවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් විදේශිකයන් වූ අතර, බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට සම්බන්ධ අයයි.

මරණ දඬුවම ඉහළ යාම පිළිබඳව අදහස් දැක්වීමට BBC කළ ඉල්ලීමට සෞදි බලධාරීන් ප්‍රතිචාර දක්වා නොමැති බව BBC දක්වා තිබුණා.

Don't forget to share this post!

Recent Posts

723
December 22, 2025