ඕස්ට්‍රේලියාව 2025 වසරට පිවිසියේ දශකයකට ආසන්න කාලයක් තුළ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ මරණ පිළිබඳව වාර්තාගත නරකම මරණ සංඛ්‍යාව සමගයි.
2024 දී, සෑම දින හතරකට වරක් එක් කාන්තාවක්, හිටපු හෝ වත්මන් සහකරුවෙකු විසින් මරා දමන ලද බවට චෝදනා එල්ල වී තිබුණා.
නොවැම්බර් මාසයේ ප්‍රශ්න කාලය අතරතුර, විපක්ෂ නායිකා Sussan Ley එම විනාශකාරී සංඛ්‍යාලේඛනය පෙන්නුම් කර දුන්නා.
ගෘහස්ථ, පවුල් සහ ලිංගික ප්‍රචණ්ඩත්ව ප්‍රතිචාර සේවාවන්ට තවමත් ඉල්ලුම සපුරාලිය නොහැකි තත්ත්වයක පවතින බවත් එහිදී අවධාරණය කෙරුණා.
පසුගිය මාසයේ, 1800 RESPECT වාර්තා කළේ, 2010 දී එහි ආරම්භයේ සිට, ගෘහස්ථ හිංසනය සඳහා උපකාර පැතූ ඕස්ට්‍රේලියානුවන්ගෙන් ලැබෙන ඇමතුම් 3000% කින් ඉහළ ගොස් ඇති බවයි. පසුගිය මූල්‍ය වර්ෂය තුළ පමණක්, රට පුරා සේවාව මගින් calls, chats සහ texts, 342,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ෆෙඩරල් රජය ඩොලර් මිලියන 41.8 කින් (40%) මේ සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කළ අතර ඒ අනුව මේ සඳහා ඩොලර් මිලියන 146.8 ක මුළු ආයෝජනයක් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ සිටින ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු ලිංගික අපයෝජන හෝ පවුල් හිංසනය අත්විඳින්නේ නම් ඇමතිය හැකි දුරකථන අංක;
- ජාතික ලිංගික අතවර, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය උපදේශන සේවාව (National Sexual Assault, Domestic Violence Counselling Service) පැය 24 පුරා ක්‍රියාත්මක උපකාරක දුරකථන අංකය 1800 RESPECT 1800 737 732
- පැය 24 පුරා ක්‍රියාත්මක Emergency Accommodation helpline 1800 800 588
- Safe At Home helpline 1800 633 937
- National Violence and Abuse Trauma Counselling and Recovery Service 1800 FULLSTOP (1800 385 578) LGBTIQA+ ප්‍රජාව සඳහා Rainbow Sexual, Domestic and Family Violence Helpline ලෙස 1800 497 212, විශේෂ දුරකථන අංකයක් ද ඔවුන් සතුව තිබෙනවා.
- 6278 9090 – SHE (free and confidential counselling and support)
- Sexual Assault Support Services – 6231 1811 හෝ 6231 1817 හි
- පවුල් හිංසන අර්බුද සහ සහාය සේවාව (Family Violence Crisis and Support Service) 1800 608 122 හි
- Bravehearts – 1800 BRAVE 1 හි ළමුන් සඳහා ලිංගික අතවර සහාය
- 1800 551 800 හි වයස අවුරුදු 5 සිට 25 දක්වා තරුණයින් සඳහා ළමා උපකාරක සේවාව
උදව් සඳහා කරුණාකර 13 11 14 හි Lifeline අමතා සම්බන්ධ වන්න
- කෝපය, සබඳතා, දෙමාපියන් හෝ වෙනත් ඕනෑම දෙයක් පිළිබඳ ගැටළු ඇති පිරිමින් 1300 766 491 හි Men’s Referral Service එක හෝ 1300 243 413 හි Don’t Become That Man උපකාරක සේවාව අමතන්න.