අද කාලේ ගොඩක් අය Australia යන්න හීන දකිනවා. නමුත් මේ හීනේ විකුණලා සල්ලි හොයන Scam agents ලා (වංචාකරුවන්) සමාජ මාධ්‍ය (Social media) වල ඕනෑතරම් ඉන්නවා. මේ අය ලොකු මුදලක් අය කරනවා වගේම නීති විරෝධී විදිහට ඕස්ට්‍රේලියාවට ගිහින් වැඩ කරන්න (work illegally) මිනිස්සුන්ව පොළඹවනවා. ඔබත් ඕස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේ Visa Scams වලට අහුවෙන්නේ නැතුව ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා.

වංචනික නියෝජිතයෙකු (Scam Agent) අඳුරගන්නේ කොහොමද?
මේ වගේ Scam agents ලා බොහෝ වෙලාවට තමන් ලියාපදිංචි Migration Agents ලා විදිහට පෙනී ඉන්නවා. ඔවුන්ව අඳුරගන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
නීතිය ගැන නොදැනුවත්කම: ඔවුන්ට Australian migration law (සංක්‍රමණ නීතිය) ගැන කිසිම දැනුමක් නැති වෙන්න පුළුවන්.
බොරු පොරොන්දු දීම: ඔබට වැරදි උපදෙස් ලබා දෙනවා වගේම කිසිදා ඉටු කළ නොහැකි බොරු පොරොන්දු (false promises) දෙනවා.
මුදල් ගසාකෑම: ඔබේ තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන අරගෙන ලොකු මුදලක් කඩාගන්න උත්සාහ කරනවා.
Application එක නොදැමීම: සමහරවිට Visa Application එක lodge කරන්නේවත් නැතුව ඔබේ සල්ලි අරගෙන මාරු වෙන්න පුළුවන්.
තොරතුරු වසන් කිරීම: ඔබේ Visa status එක ගැන හරි විස්තරයක් දෙන්නේ නැහැ.
හොර ලියකියවිලි හැදීම: Application එකත් එක්ක ව්‍යාජ ලියකියවිලි (false documents) සහ බොරු statements ඉදිරිපත් කරනවා.
තීරණ දැනුම් නොදීම: Visa එක ගැන Department එකෙන් ගන්න තීරණ ඔබට හරියට දැනුම් දෙන්නේ නැහැ.

Don’t get caught in a visa scam
වෙන කෙනෙක් ඔබේ application එක සම්පූර්ණ කරලා submit කළත්, ඔබ apply කරන visa එකේ කොන්දේසි (conditions) ගැන හොයලා බලන එක ඔබේ වගකීමක් වෙනවා.
Visa වර්ග සහ ඒවට අවශ්‍ය කරන documents මොනවද කියලා හරියටම දැනගන්න. ඔබට Department of Home Affairs official website එක පාවිච්චි කරන්න පුළුවන්. කෙනෙක් කියන පලියට හැමදේම විශ්වාස කරන්නේ නැතුව නිල වෙබ් අඩවියෙන් තොරතුරු තහවුරු කරගන්න.
Don’t risk it!
ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව මුදල් අය කරලා Visa සම්බන්ධව උදව් කරන්න පුළුවන් ලියාපදිංචි Migration Agent කෙනෙකුට (OMARA හි ලියාපදිංචි) හෝ Australian legal practitioner (නීතිඥයෙකුට) පමණයි. වෙනත් තුන්වන පාර්ශවයකින් (third party) මෙවැනි සේවා ලබාගැනීම නීතිවිරෝධී වෙනවා.
ඔබ Scam agent කෙනෙක් හරහා immigration fraud එකකට සම්බන්ධ වුණොත් ඔයාට ලොකු Risk එකක් ගන්න සිද්ධ වෙනවා, ඔබේ මහන්සියෙන් හම්බකරපු සල්ලි ඔක්කොම නැතිවෙන්න පුළුවන්. ඔබේ Visa එක cancel වෙන්න පුළුවන්.ඕස්ට්‍රේලියාවට ඇතුල් වීම තහනම් (refused entry) වෙන්න පුළුවන්. ඉදිරියේදී දාන Australian visas පවා reject වෙන්නත්, ආයෙමත් ඕස්ට්‍රේලියාවට එන එක සම්පූර්ණයෙන්ම තහනම් වෙන්නත් ඉඩ තියෙනවා. අවසානයේ අතරමං වෙන්න හෝ නැවත මව් රටටම පිටුවහල් කරන්න (deport) පුළුවන්.
Report කරන්නේ කොහොමද?
ඕස්ට්‍රේලියානු වීසා සහ රැකියා සම්බන්ධයෙන් යම් වංචාවක් සිදුවෙනවා කියලා ඔබ දන්නවා නම් හෝ සැක කරනවා නම්, ඒ ගැන Australia’s Border Watch එකට report කරන්න පුළුවන්. මේවා ගැන තොරතුරු දෙන අයගේ රහස්‍යභාවය සුරකින නිසා ඔබට නිර්නාමිකව (anonymously) වුණත් මේවා Report කරන්න පහසුකම් තියෙනවා.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: https://immi.homeaffairs.gov.au/help-support/visa-scams