Australian Visa දාන අයට සුබ ආරංචියක්! ලාංකිකයන්ටත් Immi App එකෙන් Visa වැඩ කරගන්න විදිහ මෙන්න.

Australian visa සඳහා අයදුම් කරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු ලොව පුරා අයදුම්කරුවන්ට දැන් තමන්ගේ biometrics ලබා දීම ඉතාමත් පහසුවෙන්ම සිදු කරන්න පුළුවන්. වීසා ක්‍රියාවලිය වඩාත් සරල කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වා දී ඇති නොමිලේ භාවිතා කළ හැකි “Australian Immi App” එක මේ වන විට ලොව පුරා රටවල් 52 ක අයදුම්කරුවන් සඳහා විවෘත කර තිබෙනවා.

මේ App එක හරහා ලැබෙන ලොකුම වාසිය තමයි, ඔබට අලුත් visa එකක් apply කරන හැම වතාවකදීම Australian Biometrics Collection Centre (ABCC) එකකට personally යන්න අවශ්‍ය වෙන්නේ නැති එක. ඒ වෙනුවට, ඔයාගේ smartphone එක පාවිච්චි කරලා ගෙදර ඉඳන්ම passport details සහ facial biometrics submit කරන්න පුළුවන්. ඒ වගේම මේ App එක use කරන්න කිසිම charge එකක් අය කරන්නේ නැති නිසා, visa application එකට යන සම්පූර්ණ වියදමත් සැලකිය යුතු විදිහට අඩු වෙනවා.

හැබැයි මේ පහසුකම භාවිතා කරන්න නම් මූලික සුදුසුකම් දෙකක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. පළවෙනි කාරණය තමයි, ඔබ මීට පෙර ඕස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමේදී department එකට biometrics (facial image සහ fingerprints) ලබා දී තිබිය යුතු වීම. දෙවැනි කාරණය වන්නේ, ඔබ සතුව valid passport එකක් තිබීම අනිවාර්ය වීමයි.

2024 වසරේදී මුලින්ම launch කළ මේ Immi App එක හරහා මේ දක්වා 170,000 කට අධික submissions ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එය සමස්තයක් ලෙස 59% ක සාර්ථක භාවිතයක් (average uptake rate) පෙන්නුම් කරනවා. මෑතකදී India, Laos සහ Mongolia යන රටවලටත්, 2026 නොවැම්බර් 17 වැනිදා සිට Myanmar සහ Vietnam යන රටවලටත් මේ පහසුකම අලුතින්ම ලබා දී තිබෙනවා. මේ expansion එකත් එක්කම visa process එක faster, simpler සහ more convenient කරන්න ඕස්ට්‍රේලියානු රජය දුන් පොරොන්දුව ඒ විදිහටම ඉටු කරමින් පවතිනවා.

ඔබත් ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ වීසා එකක් සඳහා අයදුම් කරන්න හෝ අලුත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, මේ පහසුකම ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වී සිටීම වැදගත්.මේ App එක available වෙන සම්පූර්ණ රටවල් ලැයිස්තුව බලාගන්න සහ තවත් වැඩිදුර තොරතුරු දැනගන්න ඔවුන්ගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න:
https://immi.homeaffairs.gov.au/help-support/meeting-our-requirements/biometrics/australian-immi-app

Don't forget to share this post!

Recent Posts