Users ලට share කළ හැකි links ගණන සීමා කිරීමට Facebook විසින් කටයුතු කරමින් සිටිනවා.
එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන සමහර පරිශීලකයින්ට ලැබී ඇති Notifications වලින් කියැවෙන්නේ ඔවුන්ට subscription එකක් නොමැතිව Facebook posts වල, නිශ්චිත links සංඛ්‍යාවක් පමණක් share කළ හැකි බවයි. මෙහි subscriptionඑක මසකට £9.99 සිට ආරම්භ වෙනවා.
Meta විසින් එය විස්තර කර ඇත්තේ links සහිත, වැඩි posts ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව, ග්‍රාහකයින් සඳහා අමතර වටිනාකමක් එක් කරන්නේද යන්න තේරුම් ගැනීමට සීමිත පරීක්ෂණයක් ලෙසයි.
සමාජ මාධ්‍ය විශේෂඥ Matt Navarra පැවසුවේ එය සමාගමේ platforms වල තව දුරටත් මුදල් ඉපැයීමට දරන උත්සාහය අදහස් කරන බවයි.
‘Meta Verified’, Facebook සහ Instagram පරිශීලකයින්ට වැඩිදියුණු කළ account support එකක් සහ protection එකක් ලබා දෙනවා.
එවැනි විශේෂාංග සඳහා දැනටමත් මිලක් නියම කර ඇති අතර නවරා මහතා පැවසුවේ, සමාගම දැන් content distribution සහ අන්තර්ජාලයේ අනෙකුත් කොටස් වෙත යැවීමේ මූලික හැකියාව සඳහා ද එයම කරන බවයි.
Facebook පරීක්ෂණය පිළිබඳව මෑතකදී දැනුම් දුන් අය අතර ඔහු ද එක අයෙක්. දෙසැම්බර් 16 වන දින සිට ඔහුට Facebook posts වල මසකට links 2ක් පමණක් share කළ හැකි බවට දැනුම්දීමක් ලැබී තිබෙනවා.