දෙවරක් හිරු නැගෙන ලොව දිගම ගුවන් ගමන Qantas වෙතින්

  • Home
  • /
  • News
  • /
  • දෙවරක් හිරු නැගෙන ලොව දිගම ගුවන් ගමන Qantas වෙතින්

ඕස්ට්‍රේලියාවේ සිට සුන්දර ලන්ඩනය දක්වා යන ගමන වඩාත් පහසු කෙරෙන විදිහක් ගැන තමයි මේ කියන්නේ.

දැනට, ඔයා ඕස්ට්‍රේලියාවේ සිට ලන්ඩන් දක්වා යනවානම්  ඔයාට අවම වශයෙන් එක් නැවතුමක් සහ පැය 30 කට ආසන්න ගමන් කාලයක් ගත කරන්න සිදු වෙනවා. ඉතින් මේ ගමන පහසු කරන්න Airline Qantas ලන්ඩනයේ සිට සිඩ්නි දක්වා විරාමයකින් තොරව පැය 22 ක් පියාසර කළ හැකි ultra-long-range plane එකක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා.

ඒ අනුව මෙය ලොව දිගම නොනවතින මගී ගුවන් ගමන වෙනවා. දැනට ලොව දිගම නොනවතින මගී ගුවන් ගමන වන්නේ Singapore Airlines හි නිව්යෝර්ක් සිට සිංගප්පූරුව දක්වා පැය 19 ක ගමනයි.

මගීන්ට මේ නව ගමන අතරතුර හිරු උදාවන් 2ක් දැක ගත හැකි නිසා මෙය ‘Project Sunrise’ ලෙස නම් කර තිබෙනවා. එය ලබන වසරේ test flights ආරම්භ කරන අතර 2027 දී සම්පූර්ණයෙන්ම දියත් කිරීමට නියමිතයි. සුපිරි long-haul flight එක සඳහා අතිරේක ලීටර් 20,000 ඉන්ධන ටැංකියක් එක් කර තිබෙනවා.

පැය 22 එකම ආකාරයකට සිටීම තරමක් අපහසු නිසා, Qantas විසින් cabin එක වඩාත් සුවපහසු කිරීම සඳහා ද සැලසුම් කරමින් සිටිනවා. ඒ සඳහා සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු ආසන සංඛ්‍යාවක්, එනම්, 300 වෙනුවට ආසන 238 ක් යොදා ගැනීමෙන් ඇවිද යාමට ඉඩක් ලැබෙනවා වගේම ඔබට හොදින් අත් පා දිගහැරිය හැකි වන සේ wellness zone එකකට ද ඉඩ සලසනවා. 

Fatigue සහ jet lag එක අඩු කිරීම අරමුණු කරගෙන lighting, meal timing සහ inflight routines සංවර්ධනය කිරීම සඳහා ගුවන් සේවය sleep and health specialists ලා සමඟ ද කටයුතු කර තිබෙනවා.

නොවැම්බර් මාසයේදී, Qantas ව්‍යාපෘතිය හොඳින් සිදුවන බවට යාවත්කාලීන කිරීමක් ලබා දුන්නා. wings, tail section එක සහ landing gear දැන් නව ගුවන් යානයට සවි කර තිබෙනවා.

නව ගුවන් යානා 12 න් පළමුවැන්න 2026 අග භාගයේදී ලබා දීමට සැලසුම් කර ඇති අතර, වාණිජ වශයෙන් පළමු Project Sunrise services 2027 මුල් භාගයේදී ආරම්භ වෙනවා.

Image credit: www.qantas.com 

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025