කම්පා වුණු Ring of Fire කියන්නේ මහා විනාශයක් ගැන ද?

  • Home
  • /
  • Blog
  • /
  • කම්පා වුණු Ring of Fire කියන්නේ මහා විනාශයක් ගැන ද?

දශකයකට වැඩි කාලයක් තුළ සිදු වූ පළමු අති දැවැන්තම භූමිකම්පාව ලෝකයම කැළඹීමට පත් කිරීමත් සමග ලොව බොහෝ ප්‍රදේශ විශාල භූමිකමපා තත්ත්වයන්ට සූදානම් වීමක් දක්නට ලැබෙනවා.

ජූලි 29 වන දින, රුසියානු ඈත පෙරදිග දුරස්ථ හා විරල ජනගහනයක් සහිත කම්චැට්කා අර්ධද්වීපයේ රිච්ටර් පරිමාණයෙන් 8.8 ක් ලෙස සටහන් වූ භූ කම්පන තත්ත්වයක් ඇති වුණා.

එය මෙතෙක් වාර්තා වූ ප්‍රභලම කම්පන 10 අතර වූ අතර මිනිත්තු 4කට වඩා වැඩි කාලයක් පැවතුණා.

එය වෙනත් තැනක සිදු වූවානම් දැවැන්ත ව්‍යසනයක් වීමට තරම් ප්‍රභල කම්පනයක්.
කම්චැට්කා හි වර්ග කිලෝමීටර් 270,000 ක භූමි ප්‍රමාණනිසා සිදු වූ හානිය ඉතා අවමයි.

ලොව පුරා ස්ථානගත කර ඇති සංවේදක මගින් මිනිත්තු කිහිපයක් ඇතුළත එය අනාවරණය කරගත් අතර එතැන් සිට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.
මෙම කම්පනය ඉදිරියේදී සිදුවීමට නියමිත දේවල පිළිබඳ ලකුණක්ද?

ජපානය හදිසියේ එහි භූමිකම්පා ආරක්ෂක වැඩි දියුණු කරමින් සිටිනවා.

Home දූපත් වලට දකුණින් පිහිටි Tokara දූපත් සමූහය පෙර නොවූ විරූ පරිදි මාස 6ක් තුළ කම්පන 1700 කට මුහුණ දී තිබෙනවා. බලධාරීන් අනතුරු අඟවන්නේ එය ඉදිරියේදී සිදුවිය හැකි මෙගා භූමිකම්පාවක් (megaquake) පෙන්නුම් කළ හැකි බවයි.

පිලිපීනය ද භීතියට පත්ව සිටිනවා. 100කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර නිවාස, මාර්ග සහ පොදු සේවාවන්ට විශාල හානියක් සිදු වී තිබෙනවා. මේ මගින් ජනතාවට විශාල හානියක් පිළිබඳ බියක් ඇති වී තිබෙනවා.

මේ අතර, කැලිෆෝනියාව ද අවදානමට ලක්ව තිබෙනවා. මේ ප්‍රදේශ විතරක් නෙවෙයි Ring of Fire එකට අදාළ සමස්ත ප්‍රදේශයම මෙම අවදානමට මුහුණ පා සිටිනවා.

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026