අවම වියදමකින් travel කරන්න පුළුවන් තවත් සුන්දර ගමනාන්තයක් ගැන තමයි මේ කියන්න හදන්නේ.
budget එකට travel කරන්න හිතන අයට හොදම රටක් තමයි Morocco කියන්නේ. මොරොක්කෝව වයඹ දිග අප්‍රිකාවේ පිහිටි වෙරළාසන්න රටක්.
සෑම දෙයක්ම ඉතා ඉහළ සංචාරක මිලකට අලෙවි කරන souks වලදී මුදල් නාස්ති කරගන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ඔයාට ඉතාම අඩු මුදලකින් මොරොක්කෝවේ වෙනස්ම සංචාරක අත්දැකීමක් ලබාගන්න පුළුවන්.
සුඛෝපභෝගීත්වය සහිත විශිෂ්ට වටිනාකමක් සහිත තැනක නවාතැන් ගන්න කැමතිනම් ඔයාට පුළුවන් මොරොක්කෝවේ සුප්‍රසිද්ධ riads ඒ සඳහා තෝරාගන්න. මේ riads කියන්නේ ඝෝෂාකාරී නගර වීදිවලින් ඈතට වෙන්න ඉදි කරලා තිබෙන ප්‍රසන්න උද්‍යාන සහිත මොරොක්කෝවේ තිබෙන සාම්ප්‍රදායික නිවාස හෝටල්. මේ riads විවිධ හැඩ වලින් සහ ප්‍රමාණවලින් තිබෙනවා. මධ්‍යම Marrakech වල රාත්‍රියකට ඩොලර් 70 කට අඩුවෙන් (USD 46) riad එකක් හොයාගන්න පුළුවන්. ඉතින් riads වල අත්දැකීමත් මගහැර ගන්න එපා.
මොරොක්කෝව කියන්නේ ලොව වෙනස්ම භූ දර්ශන අත්විඳින්න පුළුවන් සුන්දර වර්ණවත් රටක්. විශ්වයේ ඇති තරු වලට වඩා සහරාවේ වැලි කැට ඇති බවට ඔවුන් පවසන කතාව අත්තක් ද කියන එක, මොරොක්කෝ කාන්තාරය මැද පැහැදිලි ක්ෂීරපථ අහසක් යට කඳවුරු බැඳගෙන සිටින අතරතුර ඔයාටම හිතලා බලන්න පුළුවන්.
Backpacker Budget එක දවසකට $60ක් (USD 40) වගේ වන අතර Mid-range Budget එක දවසකට $90ක් (USD 60)ක් වගේ වෙනවා.