වැනීසියත් කොන්ස්තන්තිනෝපලයත් යා කරන සුන්දර පාලම

  • Home
  • /
  • Blog
  • /
  • වැනීසියත් කොන්ස්තන්තිනෝපලයත් යා කරන සුන්දර පාලම

අවම වියදමකින් සංචාරය කරන්න පුළුවන් ලෝකයේ තිබෙන සුන්දරම රටවල් ගොඩක් ගැන අපි ඔයාලට කිව්වා. අදත් කියන්න හදන්නේ තවත් ඒ වගේම ලස්සන රටක් ගැන.

මේ තමයි Bosnia-Herzegovina. බොස්නියාව ගැන දන්නා බොහෝ අයට තවමත් මුලින්ම මතක් වෙන්නේ එහි සිදු වූ යුද්ධය. නමුත් ඒ වසර 30කට පෙර සිදු වුණු දෙයක්. ක්‍රොඒෂියාවට යාබදව පිහිටි මෙම රට නැවත ඉතා සුන්දරව නැගී සිටින අතර එහි සංචාරය කරන ඔයා වෙනුවෙන් බොහෝ දේවල් මේ සුන්දර රටේ තිබෙනවා.

මධ්‍යකාලීන Mostar නගරය සංචාරකන් ආකර්ෂණය කර ගැනීමට සමත් ස්ථානයක්. එහි තිබෙන, වැනීසිය සහ කොන්ස්ටන්ටිනෝපල් දක්වා දිවෙන වෙළඳ මාර්ග සම්බන්ධ කරන පාලම බොහෝ දෙනාගේ ප්‍රියතම ස්ථානයක්. 

ඒ වගේම සිත්ගන්නාසුළු ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම වලින් හැඩවුණු ඓතිහාසික ස්වභාවයක් ගන්නා Sarajevo අගනුවර ද ඔයා යා යුතුම තැනක්. මේක ඉතාම අඩු මුදලකින් සංචාරය කරන්න පුළුවන් සුන්දර ස්ථානයක් වුණත් තවමත් යුරෝපයේ වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වී නැති අගනගරවලින් එකක්.

ඔයා Backpacker කෙනෙක්නම් දවසකට $40 – $45 (USD 30) වගේ මුදලකුත් Mid-range Budget එක විදිහට $70 (USD 50) වගේ මුදලකුත් ප්‍රමාණවත්. 

peak season එක විදිහට ජුලි-අගෝස්තු අතර කාලයත් shoulder season එක විදිහට මැයි-ජුනි සහ සැප්තැම්බර් කාලයත් හඳුන්වන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

773
January 29, 2026