$100 ගණනකින් ඉහළ යන මත්පැන් මිල

  • Home
  • /
  • News
  • /
  • $100 ගණනකින් ඉහළ යන මත්පැන් මිල

ඕස්ට්‍රේලියාවේ මත්පැන් සඳහා වන බද්ද (spirits tax) වැඩි වීමත් සමඟ රට පුරා මත්පැන් මිල ඉහළ යාමක් සිදු වෙනවා.
වසරකට දෙවරක් වැඩි වන උද්ධමනයත් සමග, මත්පැන් මිල ලීටරයකට $107.99 දක්වා ඉහළ යන බවයි පසුගිය සතියේ සඳුදා වන විට මාධ්‍යයය වාර්තා කර තිබුණේ.
මේ 1983 සිට උද්ධමනයට අනුකූලව ඕස්ට්‍රේලියාවේ සුරාබදු වැඩි වූ 78 වන අවස්ථාවයි.
නව බද්ද යටතේ මත්පැන් සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදු වුණත්, කෙටුම්පත මගින් බියර් සඳහා වසර 2ක සුරාබදු සහනයක් ලබා දී තිබෙනවා.
Industry එක තුළ සිටින සමහරු රජය විවේචනය කර ඇති අතර, එය විවිධ liquor categories අතර තවදුරටත් පක්ෂග්‍රාහීත්වයක් ඇති කර ඇති බවට ඔවුන් චෝදනා කරනවා.
“බියර් හෝ වයින් වලට වඩා Spirits වලට බදු අය කරනු ලබන අතර, සෑම මාස 6කට වරක් බද්ද වැඩි වෙනවා” යනුවෙන් Spirits & Cocktails Australia හි විධායක අධ්‍යක්ෂ Steven Fanner පවසනවා.
මෙයින් අදහස් වන්නේ සම්මත 700ml gin හෝ whisky බෝතලයක මිලෙන් $32 ක් පමණ රජයට කෙලින්ම බද්දක් ලෙස ලැබීම බව Fanner මහතා පැවසුවා.
රටේ spirits industry එකේ නියුතු අය රජයෙන් ඉල්ලා සිටින්නේ pubs සහ clubs වල tap එකෙන් පිරිනමන spirits සඳහා අත්හිටුවීම දීර්ඝ කරන ලෙසයි.
මේ අතර, Night Time Industries Association හි ප්‍රධාන විධායක Mick Gibb පැවසුවේ spirits සඳහා වන ඉහළ බදු අනුපාතය පාරිභෝගිකයින්ට සහ හිමිකරුවන්ට අභියෝගයක් බවයි.

Don't forget to share this post!

Recent Posts

776
February 2, 2026