ඕස්ට්‍රේලියාවේ Skilled Visa වල අලුත්ම වෙනස! SkillSelect වෙනුවට එන ක්‍රමය ගැන දන්නවද?

ඔයා Australia වල skilled visa එකකට Expression of Interest (EOI) එකක් submit කරලා තියෙනවා ද? එහෙමත් නැත්නම් අලුතින් EOI එකක් submit කරන්න plan කරනවා ද? එහෙනම් ඕස්ට්‍රේලියානු රජයෙන් නිකුත් කරලා තියෙන මේ අලුත් update එක ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න අවශ්‍ය වෙනවා.

ප්‍රධාන වෙනස්කම කුමක්ද?
නොවැම්බර් 28 වෙනිදා සිට ඕස්ට්‍රේලියානු රජයේ SkillSelect පද්ධතිය ImmiAccount platform එක හරහා ක්‍රියාත්මක වෙනවා. මේ දවසේ ඉඳන් අලුත් applicants ලට වගේම existing users ලටත් එයාලගේ EOIs submit කරන්න සහ manage කරන්න සිද්ධ වෙන්නේ මේ අලුත් ImmiAccount portal එක හරහා කියන එක මතක තබාගන්න වෙනවා.

මේ transition එක smoothly කරගෙන යන්න අවශ්‍ය නිසා, නොවැම්බර් 24 හවස 4.00 ඉඳන් නොවැම්බර් 28 උදේ 10.00 වෙනකන් SkillSelect පද්ධතිය තාවකාලිකව unavailable කරලා තියෙනවා.

දැනටමත් EOI එකක් Submit කරලා තියෙන අය මොකද කරන්නේ?
ඔයා දැනටමත් EOI එකක් දාලා තියෙනවා නම් බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා පහත කරුණු අදාළ වෙනවා,

EOI එක දිගටම Valid වෙනවා: දැනටමත් submit කරලා තියෙන EOIs වල වලංගුභාවය ඒ විදිහටම තියෙනවා. ඒ වගේම invitations සඳහා ඒවා දිගටම consider කරනවා. ඔයාට ආයෙමත් අලුතින් EOI එකක් resubmit කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ImmiAccount එකට Import කිරීම: අලුත් portal එක පාවිච්චි කරලා ඔයාගේ existing EOIs ටික ImmiAccount එකට import කරගන්න පුළුවන් කම තියෙනවා. ඉන්පසුව ඔයාට අවශ්‍ය වෙලාවට ලේසියෙන්ම ඒවා manage කරන්න පුළුවන්.

Invitations Access කිරීම: ඔයාට දැනටමත් invitation එකක් ලැබිලා තියෙනවා නම් සහ ඒක දින 60ක expiry period එක ඇතුළත තියෙනවා නම් අලුත් portal එක හරහා ඒ invitation එක access කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.

SkillSelect
SkillSelect කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න සහ රැකියාවල් කරන්න (live and work) බලාපොරොත්තු වෙන skilled workers ලට, ඒ සඳහා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න (express your interest) ඕස්ට්‍රේලියානු රජය හඳුන්වා දීලා තියෙන online system එකක් වෙනවා. Skilled visa එකකට apply කරන්න නම්, අනිවාර්යයෙන්ම ඔයාට invitation එකක් ලැබෙන්න අවශ්‍ය වෙනවා. EOI එකක් submit කරනවා කියන්නේ ඔයා මේ invitation එක බලාපොරොත්තු වෙනවා කියන එකයි. මෙතැනදී ඔයාගේ work experience සහ qualifications ගැන විස්තර ලබා දෙන්න අවශ්‍ය වෙනවා. නමුත් මේ EOI අදියරේදී කිසිම documents upload කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔයා පහත සඳහන් Visas වලින් එකකට apply කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම EOI එකක් complete කරලා submit කරන්න අවශ්‍ය වෙනවා.

Skilled Independent (subclass 189) visa
Skilled Nominated (subclass 190) visa
Skilled Work Regional (Provisional) (subclass 491) visa

වැඩිදුර විස්තර සදහා

https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skillselect/accessing-skillselect

Don't forget to share this post!

Recent Posts