ඕස්ට්‍රේලියාවේ Training visa එක වෙනස් කළේ ඇයි?

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ Training visa එක වෙනස් කළේ ඇයි?

අලුත් වෙන ඕස්ට්‍රේලියානු Training visa එක ගැන අපි කලින් article එකකින් කතා කළා. අද ඒ ගැන වැදගත් වෙන තවත් කරුණු කිහිපයක් තමයි කියන්න හදන්නේ.

මේ වෙනස්කම් පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය නිකුත් කර තිබුණු තවත් වැදගත් කරුණක් වන්නේ sponsor and Training visa nomination අනුමත කර නොමැති නම්, 2026 මාර්තු 11 දිනෙන් පසු departmental systems හරහා ඉදිරිපත් කරන Training visa applications වලංගු නොවන බවයි. අයදුම්පත වලංගු නොවන බව දෙපාර්තමේන්තුව අයදුම්කරුට දැනුම් දෙන අතර වීසා අයදුම්පත් ගාස්තුව ආපසු ගෙවනවා.

Sponsorship and/or Training visa nomination අනුමත වන තෙක් බලා සිටින අතරතුර අයදුම්කරුවන්ට ඕස්ට්‍රේලියාවෙන් පිටව යාමට හෝ වෙනත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් සිදු වෙන්න පුළුවන්.

Commonwealth agency sponsors

ඕස්ට්‍රේලියානු Commonwealth agency sponsors ලා සඳහා වෙනම විධිවිධාන අදාළ වෙනවා. අයදුම්කරු Training visa application එකක් ඉදිරිපත් කිරීමට පෙර Commonwealth agencies, temporary activities sponsors ලා ලෙස අනුමැතිය ලබා ගත යුතුයි. Commonwealth agencies වලට nomination අවශ්‍ය වෙන්නේ නැහැ.

මේ වෙනස සිදුවන්නේ ඇයි?

Training visa ලබාදෙන්නේ ඕස්ට්‍රේලියාවේ, ව්‍යුහගත, workplace based training එක තුළින් තම කුසලතා වැඩි දියුණු කර ගැනීමට කැමති පුද්ගලයින් සඳහා යි.

permanent residence සඳහා සුදුසුකම් නිර්ණායක සපුරා නොමැති පුද්ගලයින් multiple temporary visa applications හරහා තම රැඳී සිටීම දීර්ඝ කරගන්නා ‘permanent temporariness’ එක අඩු කිරීමට රජය මෙම පියවර ගෙන තිබෙනවා. 

Don't forget to share this post!

Recent Posts

804
March 16, 2026