AI නිසා ඕස්ට්‍රේලියානුවන්ට ලක්ෂ ගණනින් අහිමි වෙන රැකියා

  • Home
  • /
  • Lifestyle
  • /
  • AI නිසා ඕස්ට්‍රේලියානුවන්ට ලක්ෂ ගණනින් අහිමි වෙන රැකියා

දේශීය හා ලොව පුරා ප්‍රධාන සමාගම් artificial intelligence වැළඳ ගන්නා විට එහි ප්‍රතිඵල පිළිබඳව ඕස්ට්‍රේලියානුවන්ට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මේ වසරේ මුල් මාස 3 තුළ පමණක් කෘතිම බුද්ධිය හේතුවෙන් රැකියා දස දහස් ගණනක් අහිමි වී ඇති අතර එය තවත් නරක අතට හැරෙනු ඇතැයි විශේෂඥයෙක් අනතුරු අඟවනවා.
AI අඛණ්ඩව පරිණාමය වෙමින් තාක්ෂණික කර්මාන්තයට ඇතුළු වන විට ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා විශාල සමාගම් සැලකිය යුතු ලෙස අනෙකුත් සම්පත් අවම කිරීම් ප්‍රකාශයට පත් කරනවා.
ජනවාරි මාසයේදී Amazon ප්‍රකාශ කළේ මාස කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කළ තනතුරු 14,000 ට අමතරව, post-pandemic workforce එක අඩු කර AI වැළඳ ගන්නා බැවින් තනතුරු 16,000 ක් කපා හරින බවයි.
Facebook සහ Instagram වැනි සමාගම් හිමි Meta, රැකියා 1000 ක් කපා හරින බව පවසා තිබෙනවා. එහි 80,000 කට ආසන්න ශ්‍රම බලකායෙන් 20% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සේවයෙන් පහ කළ හැකි බව Reuter පුවත් සේවය සති අන්තයේ වාර්තා කර තිබුණා.
Afterpay සහ Square හි fintech මව් සමාගම වන Block, මාර්තු මාසයේදී හෙළි කළේ, කෘතිම බුද්ධිය මත යැපෙමින් එහි සේවකයින්ගෙන් අඩක් පමණ ඉවත් කරන බවයි.
සිඩ්නි පදනම් කරගත් Logistics software business එකක් වන WiseTech Global, ඉදිරි වසර 2 තුළ කාර්ය මණ්ඩලය 2000 ක් හෝ එහි ගෝලීය ශ්‍රම බලකායෙන් 1/3 ක් පමණ කපා හරින බව නිවේදනය කර තිබෙනවා.
නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මහාචාර්ය Toby Walsh අනාවැකි පළ කරන්නේ AI විසින් මෙම අංශය බිඳ දමනු ඇති බවයි.
“අවාසනාවකට මෙන්, මෙම අංශයේ රැකියා වලින් 10%, 15%, 20% ක් පමණ කෙටි කාලීනව අහිමි වනු ඇතැයි මම අපේක්ෂා කරනවා.” යනුවෙන් ඔහු news.com.au වෙත පවසා තිබුණා.
“ඉදිරි වසර 2 තුළ එය ලක්ෂ ගණනක් වනු ඇත.”
එසේ සිදුවුවහොත්, ඕස්ට්‍රේලියාවේ 200,000 ක් පමණ රැකියා විරහිත වීම් දැකිය හැකි වෙනවා.
Department of Industry, Science and Resources හි දත්ත වලට අනුව, රට තුළ තාක්ෂණය ආශ්‍රිත රැකියා වල 950,000 ක් පමණ සේවය කරනවා.
2030 අවසන් වන විට federal රජයට මිලියන 1.2 ක් කරා ළඟා වීමේ ඉලක්කයක් තිබෙන නමුත් 2024 මුල් භාගයේ සිට රැකියා දහස් ගණනක් අහිමි වී ඇති බැවින් එය සාක්ෂාත් කරගත නොහැකි බව පෙනී යනවා.
ගෝලීය පරිමාණයෙන් ගත් විට තත්ත්වය ඊටත් වඩා භයානකයි. වසර 4ක් ඇතුළත AI සහ අනෙකුත් නැගී එන තාක්ෂණයන් නිසා ඇස්තමේන්තුගත රැකියා මිලියන 92 ක් අහිමි වනු ඇතැයි ලෝක ආර්ථික සංසදය (World Economic Forum – WEF) විසින් පසුගිය වසරේ නිකුත් කරන ලද Future of Jobs වාර්තාවකින් හෙළි කෙරුණා. නමුත් මෙහි විශාල ධනාත්මක කරුණක් ද තිබෙනවා.
එකවර නව තනතුරු මිලියන 170 ක් නිර්මාණය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව රැකියා මිලියන 78 ​​ක ශුද්ධ වැඩිවීමක් සිදු වන බවට WEF පුරෝකථනය කරනවා.
පසුගිය වසර 40 පුරා AI පර්යේෂකයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය Walsh, තවත් භූමිකාවන් මතුවනු ඇති බවට එකඟ වන නමුත්, තාක්ෂණය සමඟ මිනිසුන් පරිණාමය විය යුතු බව මේ දත්ත මගින් පෙනී යනවා.
“මේ වෙනස කුමක් වනු ඇත්දැයි කිසිවෙකුට හොඳ අදහසක් නැහැ. ඒ වුණත් මෙහි නිශ්චිත කරුණ වන්නේ එම නව රැකියා කුමක් වුවත්, ඒවා විනාශ වන රැකියාවලට වඩා වෙනස් වීමයි. ඒවාට විවිධ කුසලතා අවශ්‍ය වනු ඇත.”
නමුත් AI වෙත පමණක් දොස් පැවරිය යුතු නොවන බව මහාචාර්ය Walsh තර්ක කරනවා.

Don't forget to share this post!

Recent Posts

806
March 19, 2026