ඕස්ට්‍රේලියාවේ සරම්ප අවදානම ඇති ස්ථාන

  • Home
  • /
  • Health
  • /
  • ඕස්ට්‍රේලියාවේ සරම්ප අවදානම ඇති ස්ථාන

සෞඛ්‍ය බලධාරීන් විසින් western Sydney සහ Blue Mountains පුරා සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Nepean Blue Mountains Local Health District (NBMLHD) පැවසුවේ පුද්ගලයෙක් මෙම මාසය මුලදී තහවුරු කළ වෙනත් රෝගියෙකු සමඟ සම්බන්ධ වීමෙන් පසු එම පුද්ගලයා දිස්ත්‍රික්කය සහ අවට තදාසන්න ප්‍රදේශ පුරා ස්ථාන කිහිපයකට ගොස් ඇති බවයි.

ලැයිස්තුගත ස්ථාන දිගින් දිහ්ගටම අවදානමක් ඇති නොකරන නමුත්, එම අවස්ථාවේදී එහි සිටි ඕනෑම අයෙකු, නිරාවරණයෙන් පසු දින 18 ක් දක්වායනතුරු රෝග ලක්ෂණ පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටිය යුතු බව බලධාරීන් දන්වනවා.

රෝගයට නිරාවරණය වුනු ස්ථාන අතර මාර්තු 17 වන දින Woolworths Jordan Springs ද ඇතුළත්.

මාර්තු 18 වන දින, Jamisontown හි Baby Bunting Penrith, Nepean හි Kmart Penrith, St Marys හි Brell House යන ස්ථාන වලට ගොස් ඇති අතර, Cranebrook හි Young Academics Early Learning Centre වෙත 18 සහ 20 යන දින 2දීම ගොස් තිබෙනවා. 

වෙනත් ස්ථාන අතරට Prestons හි Scent Method Warehouse සහ මාර්තු 19 වන දින Terry White Chemist Jordan Springs, මාර්තු 20 වන දින Cranebrook හි Parx Coffee House සහ Subway Jordan Springs, මාර්තු 21 වන දින XS Espresso Jordan Springs ඇතුළත් වෙනවා.

ස්ථාන සහ වේලාවන් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් NSW Health website එකෙන් ලබා ගත හැකි අතර, නිරාවරණ ස්ථාන යාවත්කාලීන කරමින් පවතිනවා.

ගර්භනී කාන්තාවන්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය සහ නිරාවරණය වී ඇති ළදරුවන් ඇතුළු වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට නිරාවරණය වී දින 10කට වඩා අඩු කාලයක් ගත වී ඇත්නම් 1300 066 055 හි ඔවුන්ගේ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය ඒකකය අමතන ලෙස උපදෙස් ලබා  තිබෙනවා.

NBMLHD හි Centre for Population Health හි අධ්‍යක්ෂ Eloise Milthorpe, ලැයිස්තුගත කර ඇති ස්ථානවලට ගිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කරන ලෙස සහ, අසනීප වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.

Don't forget to share this post!

Recent Posts

807
March 23, 2026