විශාල දුරකථන සමාගම්වල මිල ගණන් ඉහළ දැමීම් සඳුදා සිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා.
අප්‍රේල් මාසයේදී Vodafone සහ මැයි මුලදී Telstra විසින් සිදු කරන ලද ඉහළ දැමීම් වලින් පසුව, සඳුදා Optus postpaid plans මසකට $5 කින් වැඩි වුණා.
ලාභම plan එකත් දැන් මසකට $60 ක් වන අතර ලබාදෙන data ප්‍රමාණය 10GB සිට 80GB දක්වා වැඩි වෙනවා. පසුගිය මාස 12 තුළ Optus හි මිල ඉහළ දැමීම් දෙකම සැලකිල්ලට ගත් විට, cheapest plans ලබාගන්න ගනුදෙනුකරුවන් ට දැන් 4.6% ක උද්ධමන අනුපාතයට සාපේක්ෂව 15.4% ක මිල වැඩිවීමක් ලැබෙනවා.
Financial comparison site එකක් වන Canstar පෙන්වා දෙන්නේ දුරකථන සමාගම් සාමාන්‍යයෙන් සෑම මාස 12 කට වරක් ඔවුන්ගේ මිල ගණන් වැඩි කරන නමුත් Telstra සහ Optus වසරකට අඩු කාලයකදී දෙවරක් මිල ගණන් ඉහළ දැමීමෙන් ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත් කර ඇති බවයි.
Canstar විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ, Optus, Telstra හෝ Vodafone වැනි providersලා අතහැර ලාබදායී සේවාවක් ලබාදෙන providers ලා තෝරාගැනීමෙන් අවම වශයෙන් මාසයකට 50GB ක postpaid plan එකක් ලබාගෙන, $465ක් ඉතිරි කරගත හැකි බවයි.