චීන මෝටර් රථ නිෂ්පාදකයෙක් වන BYD ඕස්ට්‍රේලියාවට විශාල වශයෙන් මෝටර් රථ ගෙන්වමින් සිටිනවා.
මෙම කාර්මික දැවැන්තයා සතු ‘roll on, roll off’ purpose-built car carrying ship එකක් වන BYD Zhengzhou නෞකාවෙන් නව BYD වාහන 5000 කට ආසන්න ප්‍රමාණයක් දැනට ඕස්ට්‍රේලියාවට ගෙන්වමින් තිබෙනවා..
Zhengzhou යනු BYD car carriers 8න් එකක් වන අතර, ඉල්ලුමේ හදිසි වැඩිවීම නිසා BYD සමාගම විසින් එය සිය මංගල ගමන සඳහා ඕස්ට්‍රේලියාවට ඒවා තිබෙනවා.
ඉදිරි මාසවලදී ඕස්ට්‍රේලියාවට electric සහ plug-in hybrid vehicles 30,000 ක් ගෙන්වීමට BYD සූදානම්.
ඒ වගේම වහන අලෙවියේදී, සෞඛ්‍ය සේවකයින්, ගුරුවරුන්, හදිසි සේවා සපයන්නන් වැනි අත්‍යවශ්‍ය සේවකයින් සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට BYD සමාගම තීරණය කර තිබෙනවා.
පාරිභෝගික අවශ්‍යතාවලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට සහ වේගයෙන් ක්‍රියා කිරීමට BYD හට හැකියාව ඇති බව BYD Australia හි Chief Operating Officer, Stephen Collins පවසනවා. ඔහු පවසන්නේ BYD සතුව ඇති Vessels ලෝකයේ ඕනෑම තැනකට මෝටර් රථ රැගෙන යාමට සූදානම්ව සිටින බවයි.
සිඩ්නි සහ බ්‍රිස්බේන් හි බෙදාහැරීම් සිදු කිරීමට පෙර Zhengzhou, මෙල්බර්න් වෙත පැමිණීමට නියමිත අතර, සමාගම අපේක්ෂා කරන්නේ මෙම වෙළඳපොළවල් 3 පුරාම ඒකාකාර බෙදාහැරීමක් සිදු කිරීමටයි.
නෞකාවේ ඇති මෝටර් රථවලින් බහුතරයක් all-electric Atto 2 සහ Sealion 7 වර්ගයේ මෝටර් රථ වන අතර, ඉහළ යන පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් නිසා ඒවාට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.
විශේෂයෙන්ම Sealion 7 ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රියතම මෝටර් රථයක් බවට පත්වෙමින් තිබෙනවා. මෙම mid-size SUV රථයේ අලෙවිය 2026 දී 300% කට වඩා ඉහළ ගොස් ඇති අතර එය Toyota RAV4, Mitsubishi Outlander සහ Mazda CX-5 ආදිය සමග දැඩි තරඟයක නිරත වෙනවා.
අප්‍රේල් මාසය වන විට Ford, Hyundai, Kia සහ Mazda වැනි brands පසු කර BYD ඉදිරියට පැමිණ ඇති අතර එය දෙවැනි වන්නේ Toyota ට පමණයි. මේ අතර, 2026 මුල් මාස 4 තුළ Toyota අලෙවිය 20% කට වඩා පහත වැටී තිබෙනවා.
Image Credit: www.news.com.au