වික්ටෝරියානු නිවාස සඳහා default offer electricity prices පසුගිය වසරට වඩා 5% කින් අඩු වෙනවා.
Victorian default offer (VDO) මිල ගණන් සඳුදා ප්‍රකාශයට පත් කර ඇති අතර, default offer prices සඳහා සාමාන්‍ය මිල ජූලි 1 දා සිට 5% කින් අඩු වන බව state Essential Services Commission එක පවසනවා.
Default offer එක ලෙස හඳුන්වන්නේ power retailers ලට අය කළ හැකි උපරිම මුදලයි. ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වන මේ 5% ක අඩු කිරීම ongoing plans වල සිටින සියලු දෙනාට අදාළ වන අතර එමඟින් නිවාස සඳහා වාර්ෂිකව $84 ක සාමාන්‍ය අගයක් සහ කුඩා ව්‍යාපාර සඳහා $241 ක සාමාන්‍ය අගයක් ඉතිරි කරගන්න පුළුවන්.
වික්ටෝරියාවේ නිවාස 512,000 කට පමණ default offer prices වෙනස් වීම අදාළ වෙනවා. ඒවාට apartments, retirement villages සහ embedded networks වල තිබෙන caravan parks ඇතුළත්. කුඩා ව්‍යාපාරවලින් 21% ක් එනම් 62,000 ක් පමණ මේ default offer එකට යටත් වෙනවා.
2025 වසර පුරාවට, වික්ටෝරියා ප්‍රාන්තය එහි නීතිගත කළ ඉලක්කය වන 40% ක පුනර්ජනනීය බලශක්තිය ඉක්මවා ගිය අතර, මුළු උත්පාදනයෙන් 44.6% ක් පුනර්ජනනීය බලශක්ති ක්‍රම හරහා ලබාගෙන තිබුණා.
සඳුදා උදෑසන 10 වන විට දැක්වූ වාර්තා වලට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි බල උත්පාදනයෙන් 82% ක් brown coal වලින්, 9% ක් සූර්ය බලශක්තියෙන් සහ 7% ක් සුළඟින් ලබා ගන්නවා.
NSW හි විදුලි උත්පාදනයෙන් 61% ක් black coal වලින් , 30% ක් සූර්ය බලශක්තියෙන්, 5% ක් ජල විදුලියෙන් සහ 2% ක් සුළං බලයෙන් ලබා ගන්නවා.
ප්‍රාන්තයේ Essential Services Commission එක විසින් default power prices නියම කරනවා.
කොමිසමේ සභාපති Gerard Brody පැවසුවේ පාරිභෝගිකයින් තම power provider හරහා default offer එක සඳහා sign up විය යුතු බවයි.