මැද පෙරදිග යුද්ධය හමුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ electric vehicle සඳහා තිබෙන ඉල්ලුම ද ඉහළ ගියා.
මේ වන විට ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක් ද electric vehicle එකක් මිලදී ගැනීමට අවදානය යොමු කරලා තියෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් වාහනයක් මිලදී ගන්න විට සැලකිලිමත් වෙන්නේ එහි මිල තමන්ට දැරිය හැකිද කියන එක ගැන.
නමුත් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයා electric vehicle එකක් මිලදී ගන්න කලින් සලකා බැලිය යුතු තවත් දෙයක් තියෙනවා.
ඒ තමයි තමන් ජීවත් වෙන්නේ කොහේද කියන එක.
නව දත්ත වලින් පෙනී යන්නේ charge කිරීමේ පහසුකම් වල සිට cost එක සහ සමස්ත ownership experience එක දක්වා සියල්ලටම ඔබේ postcode එක බලපාන බවයි.
ROLLiN Insurance විසින් 2021 සිට, charger availability, charging costs, EV ownership rates සහ EV growth එක මත පදනම්ව ඕස්ට්‍රේලියාවේ අගනගර ශ්‍රේණිගත කර තිබෙනවා. මේ මඟින් පෙනී යන්නේ ඇතැම් ප්‍රධාන නගර බලාපොරොත්තු වූ තරම් ඉදිරියෙන් නොසිටින බවයි.
Canberra මෙහි ඉදිරියෙන්ම සිටින අතර ඉන් පසුව පිළිවලින් Perth, Sydney, Adelaide සහ Brisbane සිටිනවා. Melbourne නගරයට හිමි වන්නේ මෙහි 6 වන ස්ථානයයි.
Melbourne වල ඇත්තේ Canberra හි තිබෙන චාජර් ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි එම වාර්තාව දක්වන්නේ.
Hobart සහ Darwin ශ්‍රේණිගත කිරීම්වල පහළම ස්ථානයට පත්ව සිටිනවා.
EV සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වන නිසා යටිතල පහසුකම් ද එම වේගයෙන් වර්ධනය විය යුතු බවයි industry එක පවසන්නේ.
Electric Vehicle Council එකේ Head of Legal, Policy and Advocacy, Aman Gaur පැවසුවේ ඉල්ලුමේ මෙම වැඩිවීම co-ordinated national EV infrastructure plan එකක හදිසි අවශ්‍යතාවයක් ඉස්මතු කරන බවයි.
ප්‍රමුඛත්වය ලබාදිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් අතරට peak holiday periods වල regional corridors වල charging සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, apartment buildings සහ kerbsides වල charging පහසුකම් ලබාදීම, EV trucks සහ heavy vehicles සඳහා වෙන්වූ charging points සහ සමහර outer-suburban වල යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වන බව ඔහු පැවසුවා.